කැනඩා ජාතික ඩයිලන් බෙන්සන් හට පියෙකු බවට පත්වීමේ සතුට අවසානයේ ලැබුණි. නමුත් ඔහුගේ ආදර බිරිද ඒ සතුට ඛෙදාගැනීමට ඔහු ළග නැත.
‘මම මේ බව කියන්නේ ඉතාම දුකින්.එ වගේම ආඩම්බරයකින්.මගේ දරුවා අද මෙලොව එළිය දුටුවා.ඔහුගේ නම ඉවර්.මම පියෙක් වෙලා.ඒ එක්කම මගේ ආදර බිරිද රොබින් ඉවර් මා යි දරුවයි හැර දමා ගිහිල්ලා. ඇය තමයි මේ ලෝකයේ මා දුටු ධෛර්යමත්ම කාන්තාව.ඇයගේ ශක්තිය නිසා නොවන්න ඉවර් මට ලැඛෙන්නේ නැහැ.ඇය ඉවර් සමගම ජීවත් වෙනවා.මට ඒක දැනෙනවා‘ යැයි ඔහුගේ බ්ලෝග් අඩවියේ පසුගියදා ලියැවී තිබුණි.
ඩයිලන් හා රොබින් ලහි ලහියේ සූදානම් වෙමින් සිටියේ දරු සුරතල් බැලීමටය.නමුත් කිසිවෙකු නොසිතූ පරිදි රොබින් අනතුරකට ලක්වූවාය.
රෝහලට ගෙන එන විටත් පමා වැඩිය.ඇයගේ මොළය මියගොස් ඇතැයි වෛද්‍යවරු නිගමනය කළෝය.නමුත් ඇය ජීවාරක්ෂක උපකරණ වල පිහිටෙන් ජීවත් කරවිය හැකියැයි ඔවුන්ගේ නිගමනය විය.
ඩයිලන් එයට කැමැත්ත දුන්නේය. ඇයවත් ඇයගේ කුසේ සිටින දරුවාත් අහිමි කර ගැනීමට ඔහුගේ කිසිදු කැමැත්තක් නොවීය. නමුත් ඔහුට කැපකිරීමක් සිදුකිරීමට වනු ඇතැයි ඔහු දැන සිටියේය.
zzඅපි ඇය උපකරණ වලට භාරදුන්නා. වෛද්‍යවරු කියනවා ඇය දරු උපත තෙක් ජීවත් කරවන්න පුලූවන් වේවි කියලා. ඒ අතරතුර ඇයට කුමක් හෝ සිදුවුවහොත් වහාම දරුවාව පිටතට ගන්නයි ඔවුන් සූදානමින් සිටින්නේ. මට දරුවා ලැඛෙනකොට බිරිද අහිමිවෙනවා කියන අමිහිරි සත්‍යය මම තේරුම් ගනිමින් සිටිනවාzz
ඔහු පෙර දිනයක ලියා ඇති බ්ලොග් සටහනක දැක්වේ.
රොබින් රෝහල්ගත කෙරුණු දාම හෙතෙම බ්ලොග් පිටුවක් ඇරඹීය.ඒ හිතේ ආතතිය දුරු කර ගැනීමටය.
නමුත් එම බ්ලොග් පිටුවට දහස් ගණනින් දෙනා ඇදී එන්නට ගත්තේ,අදහස් පළ කිරීමට ගත්තේ ඔහුව පුදුමයට පත් කරමිනි.අවසානයේ දරුවා වෙනුවෙන් අරමුදලක්ද පිහිටුවීමට ඔහුට හැකි විය.
‘මා එක්ක සිටි ඔබලා හැමෝටම ස්තූතියි.ඔයගොල්ලන් නිසා තමයි මට මේ තරම් දුරක් එන්න හැකි වුනේ.ඉවර් එක්ක ගත කරන්න තියෙන ජීවිතේ ලෙහෙසි වන එකක් නැහැ.නමුත් ඔහු මගේ දරුවා.තවත් කැපකිරීම් කරන්න මම ලෑස්තියි.නැවත වරක් කියන්නේ ඔයගොල්ලන්ට ස්තූතියි‘
යැයි ඔහුගේ අවසන් බ්ලොග් සටහනේ ලියැවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතුගේ උපත මවගේ විපත එක දිනයේම වුනේ කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ (දී)
බටහිර සමාජයේ පවුල් සබදතාවයේ ශක්තිය පෙන්වන හොඳ උදාහරණයක්. ලංකාවේ උදවිය සිත සිටින විදිහට නොවේ මෙහෙ පවුල් සංස්ථාව ක්‍රියාත්මක වෙන්නේ. එකම වෙනස තියෙන්නේ දරුවන්ගේ දේවලට ඇඟිලිගැසිම කියන තැනදී. නැතිනම් හිතේ ඇතිවෙන හැඟීම මොන මානවයාටත් පොදුයි. (අ)
වර්ෂ 1994 සැප්තැම්බර් මාසයේදී මාගේ පුංචි මෙළොව හැර ගියේද 99%ක්ම මේ ලිපියේ ආකාරයටය. මොලයේ ගෙඩියක් ඊට හේතුවිය. එදා මගේ බාප්පා විසින් ගත් තීරණය හේතුවෙන් ඔවුන්ගේ කුලුදුල් දරුවා බිහිවිය අනෙක් පසින් ඔහුගේ බිරිද මිය ගියාය. ජීවිතයේ ඇතැම් තීරණ ගැනීමට කෙතරම්ම අමාරුද කියා හොදින් දැනෙන්නට විය. (අ)