පාකිස්තාන ජනපතිවරණය ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත අතර එය වර්ජනය කරන බව එරට ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ කියා සිටී.
ජනපතිවරණය පැවැත්වෙන්නේ තමන්ගේ අනුදැනුමකින් තොරව හෙයින් තමන් එය වර්ජනය කරන බව ‘පාකිස්තාන ජනතා පක්ෂය’ වැඩි දුරටත් කියා සිටී.
ජනපතිවරණයට අපේක්ෂකයන් 24 දෙනකු ඉදිරිපත් වීමට නියමිතය. ඔවුන් අතරින් පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තාන පාලක පක්ෂය වන ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අපේක්ෂක මම්නූන් හුසේන්ය.
ජනපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන අගොස්තු 6 වැනිදා වුවත්, රාමදාන් මාසය සැලකිල්ලට ගනිමින් එය ලබන 30 වැනිදා පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.