IMG-LOGO

ට්‍රම්ප්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් හතක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින්  දුන් විධායක නියෝගය නැවැත ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ අභියාචනය එරට අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 

මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් හතක වැසියන්ට, ඇමෙරිකාවට පැමිණීම වළක්වමින්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා දුන් විධායක නියෝගය තාවකාලිකව අහෝසි කරමින් සියැටල්හි ෆෙඩරල් විනිසුරු ජේම්ස් රොබට්ස් මහතා සිකුරාදා (3) වාරණ නියෝගයක් පැනවීය.
එම නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකා නීතිපති දෙපාර්තමේන්තුව සෙනසුරාදා (4) කටයුතු කළේය.

කෙසේ වෙතත් සඳුඳා (6) මේ කරුණු විමසීමක් සිදු කිරීමට නියමිතය. එහිදි සියලු පාර්ශවවලට කරුණු දැක්වීමට අවස්ථාව සැලසෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

සියැටල් විනිසුරු ජේම්ස් රොබ්ට්ස් මහතාගේ වාරණ නියෝගයට එරෙහි අභියාචනාව ඇමෙරිකා එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුව විසින් සෙනසුරාදා දිනයේදී ගොනු කරනු ලැබිණි. එම අභියාචනාවේ අභියාචකයන් වශයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා, ඇමෙරිකා එක්සත් ජනපද වාසභූමි ආරක්ෂක ලේකම් කාර්යාල (හෝම්ලන්ඞ් සෙකියුරිටි) ලේකම් ජෝන් කෙලි මහතා සහ ආරක්ෂක ලේකම් රෙක්ස් තිලර්සන් මහතා නම් කර තිබේ.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ නියෝගය නිසා ඉරානය, සෝමාලියාව, සුඩානය, ලිබියාව, ඉරාකය සහ  යේමනය යන රටවල් හයේ වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කෙරුණු අතර සිරියාවට ද එම රටවල් ගොන්න අතරට ඇතුළත් කෙරුණි. සිරියානු සංක්‍රමණිකයන්ටද ඇමෙරිකාවට ඇතුළුවීමද තහනම් කරන ලදි. 

මෙම ලැයිස්තුවට පාකිස්තානය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සලකා බලමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 



අදහස් (0)

ට්‍රම්ප්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

සම්පත් Monday, 06 February 2017 05:13 AM

අනාගතේ දවසක ඇමරිකානුවෝ ට්‍රම්ප් හරි කියල කියලා (ම)

:       0       0

රාජසිංහ Wednesday, 08 February 2017 01:04 AM

ඔක්කොටම යන්න ඕනෑ එක්කෝ ඇමෙරිකාවට නැත්නම් යුරෝපයට. යන්නකෝ සෞදි අරාබියට හරි වෙන මැදපෙරදිග රටකට. එහෙ සංස්කෘතිය තමන්ගේම සංස්කෘතියනේ. (නි)

:       0       0

ආනන්ද Thursday, 09 February 2017 11:33 AM

දැන් ඉතින් මොනවා වෙයිද? (නි)

:       0       0

නුවන් Sunday, 05 February 2017 02:11 PM

මොනවා වුණත් කොන්දක් තියන නායකයෙක් (නි)

:       0       0

නුවන් Wednesday, 08 February 2017 01:15 PM

බොහෝ දෙනා ට්‍රම්ප් ගැන ආඩම්බරයෙන් කතා කළත් කාටවත් නොදකින පැත්තක් තියෙනවා. අද ඇමෙරිකාවට වැඩිම තර්ජන ඇවිත් තියෙන්නේ සෞදි / තුර්කි / ඊජිප්තු සහ එමිරටෙස් ජාතිකයින්ගෙන් . ඇමෙරිකන් ජාතිකයින් 2500 වැඩි පිරිසක් ඝාතනය වෙන්නේ සෞදි ජාතිකයින් අතින්. විශේෂයෙන් ට්‍රම්ප් විසින් තහනම් කළ රටවල ජාතිකයින් අතින් ඝාතනය වුන ඇමෙරිකන් ජාතිකයින් ගණන ඉතා සුළු පිරිසක්. සෝමාලියා වැනි රටවලින් කිසිදු තර්ජනයක් ඇමෙරිකාවට නැති තරම්. ඒ වගේම ඉරාක /සිරියා /ලිබියා වැනි හැම රටකම ප්‍රශ්ණ වල මුලත් ඇමෙරිකාව. 9/11 ප්‍රහාරයේ වැඩිම පිරිස සෞදි ජාතිකයින් .එසේනම් ට්‍රම්ප් සෞදි/ඊජිප්තු /එමිරේට්ස්/තුර්කි රටවලට මේ තහනම දාන්නේ නැත්තේ මොකද . එකම හේතුව මේ හැම රටකම ට්‍රම්ප්ගේ ව්‍යාපාර තිබෙන නිසා. ට්‍රම්ප් කියන්නෙත් තවත් දේශපාලන ව්‍යාපාරිකයෙක් . තම රටට වැඩිම තර්ජනයක් තියෙන රටවල තම ව්‍යාපාර තියෙන නිසා ඒවාට අත නොතිය පුහු වීරයෙක් වෙන්න අඩුම තර්ජන තියෙන රටවල් තහනම් කරා. (අ)

:       0       0

බමුණු Monday, 06 February 2017 07:25 AM

හුසේන් මොහමඩ් තාප්ප බඳින එක විතරක් නොවෙයි ත්‍රස්ත වාදීන්ට රටට එන්න තහනම් කිරීමත් අන්න ඒ වගේ සතුටකින් අමෙරිකානුවත් තියන්නයි ටරම්ප් මහතා හදන්නේ. (ර)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Sunday, 05 February 2017 08:11 PM

ඇමරිකාවේ නීතිය නීතියමයි. ජනාධිපතිටවත් උසාවි නියෝගයකට උඩින් යන්න බැහැ (නි)

:       0       0

අජිත් Wednesday, 08 February 2017 05:16 PM

නුවන්, මම ඔබ සමඟ 100%ක් එකඟ වෙනවා! (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 05 February 2017 11:38 PM

මුස්ලිම් ආක්‍රමණය ලංකාව තුළත් බොහොම සීග්‍රයෙන් කෙරීගෙන යනවා. මේ ගැන කතා කරන්න සිංහලයෝ බයයි. සිංහලයෝ තමන්ගේ ඉඩම් අන්‍ය ජාතීන්ට විකුණා රට මැදට තල්ලු වෙනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 05 February 2017 11:58 PM

ට්‍රම්ප් මහතාණනි, මම ඔබ නම් කරන්නේ ඔය ත්‍රස්තවාදීන් ලවා විශාල බෝම්බයක් රට තුළ පුපුරවා ඔය තහනම් නියෝගය නැවත දමන එකයි. එවැනි දේවල් කරන්න අමුතුවෙන් ඇමරිකාවට කියා දියයුතු නැත. (නි)

:       0       0

බමුණු Tuesday, 14 February 2017 07:14 AM

ඇමරිකන් ජනාදිපති තීන්දුවක් අරගෙන තිබෙන්නේ එයාගේ රට ගැන හිතලා ඇයි අපි විරුද්ධ වෙන්නේ? (ර)

:       0       0

ටෙනිසන් Tuesday, 07 February 2017 01:01 AM

ට්‍රම්ප් මහතාණෙනි, මේ අභියෝග වලින් ඔබ නොසැලෙන බව විශ්වාසයි (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 07 February 2017 01:05 AM

හුසේන්, මොකද අරාබි රටවල් වලට යන්නේ නැතුව ඇමරිකාවටම පනින්නේ. මම හිතුවේ නැහැ සාමාන්‍ය ඇමරිකන්කාරයෝ මෙතරම් මෝඩයි කියලා. ඇමරිකන්කාරයෝ අතර ඉන්න මුස්ලිම් අය තමයි ට්‍රම්ප්ට විරුද්ධ වෙන්නේ. (නි)

:       0       0

සහන් Monday, 06 February 2017 10:04 AM

අපි බලමු අපේ ජනාධිපති තුමාට කොන්දක් තියේවිද තමිල්නාඩුවෙන් ලංකාවට මැතක සිට හොර රහසේ විත් බුරුතු පිටින් උතුරේ පදිංචිවන ( දෙමල සරණාගතයන් කියාගන්න) තමිල්නාඩු දෙමළ සංක්‍රමික ආක්‍රමණය තහනම් කරන්න. (බ)

:       0       0

හුසේන් Monday, 06 February 2017 04:06 AM

සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිතවාදී ජන කොටසක් නිසා ට්‍රම්ප් ගේ තහනම ඉවත් වී තිබෙනවා. මේ සම්බන්ධව ප්‍රීති වූ අප සහෝදරයන්ට අමිහිරි ආරංචියක් වේවි. (ම)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Monday, 06 February 2017 04:39 AM

ට්‍රම්ප් කරන්න හදන්නෙත් කාලයක් ලංකාවේ පොලීසිය කළ දේමයි. වැරැද්ද කරපු කෙනා හොයන්න තියෙන නොහැකියාව නිසා, ඒ හා සම්බන්ධ හෝ ඥාතීන්ට දඬුවම් කිරීමයි. මේවා ගෝත්‍රික තීන්දු තීරණ. සමහර දියුණු රටවල්වල ඔවුන්ගේ දේශ සීමා තියෙන්නේ සමහරවිට ගෙයක් මධ්‍යයෙනුයි. ඒ රටවල් අන්‍යෝන්‍යයෙන් ඉන්න නිසා, කවදාවත් ප්‍රශ්න නැහැ. ඒ අය කොච්චර සතුටින්ද ඉන්නේ කියල හිතද්දීත් සතුටුයි. අන්න ඒ වගේ සතුටකින් අමෙරිකානුවත් තියන්නයි, ට්‍රම්ප් මෙක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් බඳින්න උත්සාහ කරන්නේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site