මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් හතක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් දුන් විධායක නියෝගය නැවැත ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ අභියාචනය එරට අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් හතක වැසියන්ට, ඇමෙරිකාවට පැමිණීම වළක්වමින්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා දුන් විධායක නියෝගය තාවකාලිකව අහෝසි කරමින් සියැටල්හි ෆෙඩරල් විනිසුරු ජේම්ස් රොබට්ස් මහතා සිකුරාදා (3) වාරණ නියෝගයක් පැනවීය.
එම නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකා නීතිපති දෙපාර්තමේන්තුව සෙනසුරාදා (4) කටයුතු කළේය.
කෙසේ වෙතත් සඳුඳා (6) මේ කරුණු විමසීමක් සිදු කිරීමට නියමිතය. එහිදි සියලු පාර්ශවවලට කරුණු දැක්වීමට අවස්ථාව සැලසෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සියැටල් විනිසුරු ජේම්ස් රොබ්ට්ස් මහතාගේ වාරණ නියෝගයට එරෙහි අභියාචනාව ඇමෙරිකා එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුව විසින් සෙනසුරාදා දිනයේදී ගොනු කරනු ලැබිණි. එම අභියාචනාවේ අභියාචකයන් වශයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා, ඇමෙරිකා එක්සත් ජනපද වාසභූමි ආරක්ෂක ලේකම් කාර්යාල (හෝම්ලන්ඞ් සෙකියුරිටි) ලේකම් ජෝන් කෙලි මහතා සහ ආරක්ෂක ලේකම් රෙක්ස් තිලර්සන් මහතා නම් කර තිබේ.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ නියෝගය නිසා ඉරානය, සෝමාලියාව, සුඩානය, ලිබියාව, ඉරාකය සහ යේමනය යන රටවල් හයේ වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කෙරුණු අතර සිරියාවට ද එම රටවල් ගොන්න අතරට ඇතුළත් කෙරුණි. සිරියානු සංක්‍රමණිකයන්ටද ඇමෙරිකාවට ඇතුළුවීමද තහනම් කරන ලදි.
මෙම ලැයිස්තුවට පාකිස්තානය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සලකා බලමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතේ දවසක ඇමරිකානුවෝ ට්‍රම්ප් හරි කියල කියලා (ම)
ඔක්කොටම යන්න ඕනෑ එක්කෝ ඇමෙරිකාවට නැත්නම් යුරෝපයට. යන්නකෝ සෞදි අරාබියට හරි වෙන මැදපෙරදිග රටකට. එහෙ සංස්කෘතිය තමන්ගේම සංස්කෘතියනේ. (නි)
දැන් ඉතින් මොනවා වෙයිද? (නි)
මොනවා වුණත් කොන්දක් තියන නායකයෙක් (නි)
බොහෝ දෙනා ට්‍රම්ප් ගැන ආඩම්බරයෙන් කතා කළත් කාටවත් නොදකින පැත්තක් තියෙනවා. අද ඇමෙරිකාවට වැඩිම තර්ජන ඇවිත් තියෙන්නේ සෞදි / තුර්කි / ඊජිප්තු සහ එමිරටෙස් ජාතිකයින්ගෙන් . ඇමෙරිකන් ජාතිකයින් 2500 වැඩි පිරිසක් ඝාතනය වෙන්නේ සෞදි ජාතිකයින් අතින්. විශේෂයෙන් ට්‍රම්ප් විසින් තහනම් කළ රටවල ජාතිකයින් අතින් ඝාතනය වුන ඇමෙරිකන් ජාතිකයින් ගණන ඉතා සුළු පිරිසක්. සෝමාලියා වැනි රටවලින් කිසිදු තර්ජනයක් ඇමෙරිකාවට නැති තරම්. ඒ වගේම ඉරාක /සිරියා /ලිබියා වැනි හැම රටකම ප්‍රශ්ණ වල මුලත් ඇමෙරිකාව. 9/11 ප්‍රහාරයේ වැඩිම පිරිස සෞදි ජාතිකයින් .එසේනම් ට්‍රම්ප් සෞදි/ඊජිප්තු /එමිරේට්ස්/තුර්කි රටවලට මේ තහනම දාන්නේ නැත්තේ මොකද . එකම හේතුව මේ හැම රටකම ට්‍රම්ප්ගේ ව්‍යාපාර තිබෙන නිසා. ට්‍රම්ප් කියන්නෙත් තවත් දේශපාලන ව්‍යාපාරිකයෙක් . තම රටට වැඩිම තර්ජනයක් තියෙන රටවල තම ව්‍යාපාර තියෙන නිසා ඒවාට අත නොතිය පුහු වීරයෙක් වෙන්න අඩුම තර්ජන තියෙන රටවල් තහනම් කරා. (අ)
හුසේන් මොහමඩ් තාප්ප බඳින එක විතරක් නොවෙයි ත්‍රස්ත වාදීන්ට රටට එන්න තහනම් කිරීමත් අන්න ඒ වගේ සතුටකින් අමෙරිකානුවත් තියන්නයි ටරම්ප් මහතා හදන්නේ. (ර)
ඇමරිකාවේ නීතිය නීතියමයි. ජනාධිපතිටවත් උසාවි නියෝගයකට උඩින් යන්න බැහැ (නි)
නුවන්, මම ඔබ සමඟ 100%ක් එකඟ වෙනවා! (නි)
මුස්ලිම් ආක්‍රමණය ලංකාව තුළත් බොහොම සීග්‍රයෙන් කෙරීගෙන යනවා. මේ ගැන කතා කරන්න සිංහලයෝ බයයි. සිංහලයෝ තමන්ගේ ඉඩම් අන්‍ය ජාතීන්ට විකුණා රට මැදට තල්ලු වෙනවා (නි)
ට්‍රම්ප් මහතාණනි, මම ඔබ නම් කරන්නේ ඔය ත්‍රස්තවාදීන් ලවා විශාල බෝම්බයක් රට තුළ පුපුරවා ඔය තහනම් නියෝගය නැවත දමන එකයි. එවැනි දේවල් කරන්න අමුතුවෙන් ඇමරිකාවට කියා දියයුතු නැත. (නි)
ඇමරිකන් ජනාදිපති තීන්දුවක් අරගෙන තිබෙන්නේ එයාගේ රට ගැන හිතලා ඇයි අපි විරුද්ධ වෙන්නේ? (ර)
ට්‍රම්ප් මහතාණෙනි, මේ අභියෝග වලින් ඔබ නොසැලෙන බව විශ්වාසයි (නි)
හුසේන්, මොකද අරාබි රටවල් වලට යන්නේ නැතුව ඇමරිකාවටම පනින්නේ. මම හිතුවේ නැහැ සාමාන්‍ය ඇමරිකන්කාරයෝ මෙතරම් මෝඩයි කියලා. ඇමරිකන්කාරයෝ අතර ඉන්න මුස්ලිම් අය තමයි ට්‍රම්ප්ට විරුද්ධ වෙන්නේ. (නි)
අපි බලමු අපේ ජනාධිපති තුමාට කොන්දක් තියේවිද තමිල්නාඩුවෙන් ලංකාවට මැතක සිට හොර රහසේ විත් බුරුතු පිටින් උතුරේ පදිංචිවන ( දෙමල සරණාගතයන් කියාගන්න) තමිල්නාඩු දෙමළ සංක්‍රමික ආක්‍රමණය තහනම් කරන්න. (බ)
සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිතවාදී ජන කොටසක් නිසා ට්‍රම්ප් ගේ තහනම ඉවත් වී තිබෙනවා. මේ සම්බන්ධව ප්‍රීති වූ අප සහෝදරයන්ට අමිහිරි ආරංචියක් වේවි. (ම)
ට්‍රම්ප් කරන්න හදන්නෙත් කාලයක් ලංකාවේ පොලීසිය කළ දේමයි. වැරැද්ද කරපු කෙනා හොයන්න තියෙන නොහැකියාව නිසා, ඒ හා සම්බන්ධ හෝ ඥාතීන්ට දඬුවම් කිරීමයි. මේවා ගෝත්‍රික තීන්දු තීරණ. සමහර දියුණු රටවල්වල ඔවුන්ගේ දේශ සීමා තියෙන්නේ සමහරවිට ගෙයක් මධ්‍යයෙනුයි. ඒ රටවල් අන්‍යෝන්‍යයෙන් ඉන්න නිසා, කවදාවත් ප්‍රශ්න නැහැ. ඒ අය කොච්චර සතුටින්ද ඉන්නේ කියල හිතද්දීත් සතුටුයි. අන්න ඒ වගේ සතුටකින් අමෙරිකානුවත් තියන්නයි, ට්‍රම්ප් මෙක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් බඳින්න උත්සාහ කරන්නේ. (ම)