ජාන තාක්ෂණය භාවිතයෙන් අදුරේදී එළිය විහිදුවීමට සමත් පැළෑටි නිපදවීමට ඇමරිකා පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.
කණමැදිරියන් හා රෑ බදුල්ලන් අදුරේදී එළිය විහිදුවීමට යොදාගන්නා සංයෝගයත් එය නිපදවීමට මුල්වන ජානයත් සොයාගෙන ඇති ඔවුන් කර ඇත්තේ ඒවා ජාන තාක්ෂණය භාවිතයෙන් තෝරාගත් පැළෑටි කිහිපයට ඇතුලත් කිරීමයි.ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරවමින් වැඩිදියුණු කරන ලද පැළෑටි අදුරේදී එළිය විහිදුවීමට පටන්ගෙන ඇත.
මෙසේ ජාන වැඩිදියුණු කර නිපදවූ පැළෑටි ඉදිරියේදී වීදි ලාම්පු වලට හොද ආදේශකයක් වනු ඇතැයි පර්යේෂකයන් පිරිස මත පළ කරයි.ඉදිරියේදී වඩා විශාල ශාඛ යොදාගෙන මේ ක‍්‍රමය අත්හදා බැලීමටත් ඔවුන් බලාපොරොත්තු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණමැදිරියන් හා රෑ බදුල්ලන් වැනි සතුන් ලුසිපෙරීන් රසායණය ලුසිපෙරේස් බවට පත්වීමේ ප්‍රතික්‍රියාවෙන් ඇතිවන ආලෝකය ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාවට රාත්‍රියේදී යොදාගනියි. එසේ නම් මෙම ජානය සතුන් සදහාද යොදාගත හැකිවේවි. (නි)
ඇමෙරිකන් නිසා අපිට එපා.(නදී)
නව නිර්මාණ කරන්න ඕනෑ. ඒත් සෙභාදහම කණපිට පෙරලන්න හොද නැහැ. (නි)
කොහෙන් ආවත් කමක් නැහැ හොදදෙයක් නම් ! (ස)
මාරයිනේ.... සුබ පැතුම්! (නි)
ඇත්තටම අලුත් සොයාගැනීමක් (නි)
මංගල ඇමරිකන් නිසා හරි නම් අපිට ඕනෑ කියන්න.මොකෝ අර ඉන්දියාවෙන් පකිස්තානෙන් එන බෙහෙත් බිලා මිනිස්සු මැරෙනවා.බාල බෙහෙත්.චීනෙන් එන බඩු වලට ආයුෂ නැහැ.ඉන්දියාවෙන් එන වාහන වල ආරක්ෂාව නැහැ.වලක වැටුනොත් ඔලුව වදිනවා වහලේ. (නි)
ඉතාමත් හොද සොයා ගැනීමක්. විදුලි අර්බුදයට විසදුමක් (නි)
මෙහෙම ගස් වැවුවොත් නිශාචර සතුන්ගේ ජීවන රටාවට බාධා වේවි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මෙවැනි මිනිස් ක්‍රියා කාරකම් ආස්වාදජනක සේ පෙනුනත් , ඒ මගින් අප ජීවත්වන මේ මිහිතලයට වෙන්න පුළුවන් බලපෑම අපට තේරුම් ගැනීමට තව බොහෝ කලක් ගතවෙනු ඇත.එය ආපසු හැරවීම ලෙහෙසි පහසු නොවනු ඇත.මේ මිහිතලයේ ජීවී බව වනසන්නේ මිනිසාම මිස වෙන කව්රුවත් නොවේ. (නි)
ගෙදර ලයිට් බිල අඩු කරන්න හොඳ ක්‍රමයක් (නි)