ඉරාකයේ සිදුවූ බෝම්බ පිපරීම් මාලාවකින් සහ වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 40 ක් ජීවිතක්ෂයට පත්වූ අතර 80 දෙනෙක් තුවාල ලැබූ බව එරට පොලිස් සහ සෞඛ්‍ය අංශ පවසා සිටී.
සඳුදා සිදුවු මෙම බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් වැඩි ප‍්‍රමාණයක් කාර් බෝම්බ පිපිරීම් වන අතර බැග්ඩෑඩයේ 70ක් ජීවිතක්ෂයට පත්වූහ.
පොලිසිය පවසා සිටින්නේ බැග්ඩෑඩය අවට නගර අටක පිපිරීම් හතක් සිදුවූ බවත් අනෙකුත් ප‍්‍රහාර වෙඩි තැබීම් බවත්ය.වෙඩි තැබීම් වලින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බැග්ඩෑඩයේ කොබාක් ගම්මානයේ පසුගිය සෙනසුරාදා සහ ඉරිදා සිදුවූ ප‍්‍රහාර වලින් 105 දෙනෙකුට ජීවිත අහිමි විය.
මෙම ප‍්‍රහාර වල වගකීම මේ වනතෙක් කිසිවෙකුත් බාරගෙන නොමැති අතර මෙම ප‍්‍රහාර ඉරාක රජය පෙරළා දැමීමට උත්සාහ කරන අල් කයිඩා සහය ලබන සන්නද්ධ කණ්ඩායම් වල ප‍්‍රහාර බව පැවසේ.
සැප්තැම්බර් මාසයේ ඉරාකයේ සිදුවූ ප‍්‍රහාර වලින් 1000ක් ජීවිතක්ෂයට පත්වූ අතර 2000 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ වාර්තා සඳහන් කරන්නේ පසුගිය සැප්තැම්බර් මාසය මෑත කාලීන වර්ෂ වලදි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩියෙන් සිදුවූ මාසයක් ලෙසය .
|
|
බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්වූ වාහන සහ ගොඩනැගිලි |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදය ලොවට හඳුන්වාදී ඒ මතින් යැපෙන, අනික් රටවලට වින කරන ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන අන් රටවල සම්පත් වලට කෑදර අසමජ්ජාති රටක් මේ ලෝකයේ නොතිබූනානම් මේ ලෝකය කෙතරම් අපූරුද? ලස්සනද? (දී)
අසවලා ඉරාකයට සාමය උදා කරදී ඇත. ඔහුට ජය වේවා! (නි)
මේක දෙවියන්ගේ කැමැත්ත (නි)
අනේ! මෙහේ ඉන්න අර අලුතෙන් බිහිවුණ අන්තවාදීන් ටිකත් ඒ රටටම යවන්න අපිට පුළුවන් වුණා නම්..... (නි)
අපි ගිය තැන ඔහොම තමයි සහෝදරයා (නි)
මේ ලෝකයම මරාගන්නේ කවුරුන් නිසාදැයි පැහැදිලිය.ඔහු ඉපදුණේ නැත්නම් මේ ලෝකය කොතරම් ලස්සනද? (නි)
ඉරාකයට මෙවන් ඉරණමක් උදා කර දුන් ලෝක පොලිස්කාරයට දැන් හරි සතුටු ඇති. සිරියාවටත් කරන්න හැදුවේ ඔය ටික තමා. රුසියන්, චීන බලය නොවන්න තවත් රටක් ඉවරයි. (නි)
රටවල් ගණනාවක අර්බුද ඇති කළ අල්කයිඩා එක ගැන ඇයි දැන්වත් තීරණයක් නොගන්නේ? (නි)
වීර , ඔබේ කතාව සහතික ඇත්ත(දිල්)
බැබිලෝනියාව ගිණි තියපු උන්ට හොඳක් නම් වෙන්න එපා. (ත)