හිසේ ආරක්ෂාව වෙනුවෙනුත්. පුද්ගල බාහිර පෙනුම වෙනුවෙනුත් හිස කෙස් වලින් ලැබෙනුයේ මිල කළ නොහැකි වටිනාකමකි.
මොණර පිලක් බඳු කෙස් කලබ කාන්තාවකට ආභරණයක් බව ඉපැරණි සාහිත්‍යයේ පද්‍ය, ගද්ය්යයට පවා එක් වී ඇත්තේ එහි වටිනාකම මනාව පසක් කරමිනි. ගැහැනු පිරිමි බේදයකින් තොරව නිරෝගී කෙස් කලබක් ලබා ගැනීමට නිතරතුරවම වෙහෙසෙන්නේ හිස කෙස් යෑම කායිකව පමණක් නොව මානසිකව ද වද දෙන රෝගී තත්ත්වයක් වන බැවිනි.
හිස කෙස් යාමට විවිධ හේතූන් බලපාන අතර ඒ අතර හිස කෙස් ආශ්‍රිතව විවිධ රෝගයන් වර්ධනය වීම, ශරීර අභ්‍යන්තරයේ නිහඬව වර්ධනය වන බව බාහිරෙන් පෙන්වීම මානසික ආතතියෙන් පෙළීම, පෝෂණයෙන් අනූන පෝෂ්‍යදායි ආහර වේලක් නොලැබීම.
විටමින්, ඛනිජ, ලවන, යකඩ ආදිය ශරීරයට අවශ්‍ය පරිදි නොලැබී යාම.
සමේ ඇති වන විවිධ අාසාදන තත්ත්වයන් සුව වී යාමෙන් පසුවද හිස කෙස් යා හැකිය. දරු ප්‍රසූතියකින් පසු මාස තුනකට පසුව ඇතැම් මව්වරුන්ගේ හිස කෙස් යා හැකිය. දරුවා හිනැහෙනකොට මවගේ හිස කෙස් යන බව ව්‍යවහාරයේ පෙන්වා දෙන්නේ මෙම කරුණය.
ඩෙංගු රෝගයට ගොදුරු වී සුවය ලැබූ රෝගියෙකුටත් පැපොළ රෝගයට ගොදුරු වූ රෝගීන්ටත් රෝගය සුව වී මාස තුනකින් පමණ පසු හිස කෙස් යෑමට පුළුවන.
ශරීරයේ සිදුවන හෝමෝන වෙනස් වීමද හිස කෙස් වැටීමට ඇතැම් අයට බලපානු ලැබේ.
පිළිකා රෝගයට ගොදුරු වීමේදී ඇති වන මානසික තත්ත්වය හේතූවෙන් මෙන්ම, පිළිකා රෝග පාලනය වෙනුවෙන් ලබා දෙන කිරණ ප්‍රතිකාර හේතුවෙන් ද හිස කෙස් යෑමට බලපා හැකිය. මේ සියලු කරුණු වලට අමතරව
හිස කෙස්වලට බාහිරෙන් යොදන සැර අධික රසායනික ක්‍රීම් වර්ග, ඩයි වර්ග ආදිය නිසාත් හිස කෙස්වලට තාවකාලිකව මෝස්තර රටා යෙදීමත් හිස කෙස් යාමට බලපෑ හැකිය.
ෙම් සියලු කරුණු අතර හිස කෙස් යාමට බලපාන ප්‍රධාන නොවුන ද අවධානයට ෙයාමු නොකළ සාධකයකි උඳුගොව්වන් කෑම.
උඳුගොව්වන් කෑම කියූ සැනින් අප මතකයට නැඟෙන්නේ මෙය සත්ව විශේෂයක් විසින් කා දැමීමෙන් සිදුවන රෝගී තත්ත්වයක් බවය. නමුත් එය වැරදිය.
උඳුගොව්වන් කෑමේ රෝගය ඇතිවන්නේ පුද්ගල ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය හිස කෙස් ආශ්‍රිතව විරුද්ධව ක්‍රියා කිරීමට පටන් ගැනීමය.
තවත් ආකාරයකින් මෙය විස්තර කළහොත් මෙම රෝගයේදී සිදුවන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්ම රෝගියාගේ කේෂ මූලයන් විනාශ කර දැමීමය.
මෙහිදී හිසේ තැනින් තැන කාසියක හැඩයට හිස කෙස් යාමට පටන් ගැනීම සිදු වේ.
තවත් රෝගීන් පිරිසකට රෝගය ඇති වීෙමන් මුළු හිසෙහිම හිස කෙස් යා හැකිය.
තවත් රෝගීන් පිරිසකට හිස කෙස් යෑම පමණක් නොව ඇහිබැම ගැලවී යාමත් ශරීරයේ සියලු කොටස්වල කෙස් ගැලවී යාමත් සිදු විය හැක.
රෝගය පැතිරෙන බවට හඳුනා ගත හැකි තවත් රෝග ලක්ෂණයක් වන්නේ රෝගය පැතිරෙන හිස කෙස් කොටස්වල ළා පැහැයෙන් කෙස් වර්ධනය වීම.
වැඩිවිය පැමිණීමට පෙර කෙනෙකු උඳුගොව්වන් කෑමේ රෝගයට ගොදුරු වුවහොත් රෝගය සුව කර ගැනීමට තරමක් අපහසු වේ.
තවද හිසේ මුල් කොටසිනුත් හිස පිටුපස කෙස් බෙදෙන කොටසිනුත් හිස කෙස් යෑමට පටන් ගෙන තිබීම ද රෝගය සුව කර ගැනීමට කාලයක් ගත වන කරුණක් වේ.
ප්‍රතිකාර
උඳුගොව්වන් කෑමේ රෝගය මූලික අවස්ථාවේදීම හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් රෝගය සියයට අනූවකින් පමණ සුව කර ගැනීමේ ප්‍රවණතාවක් පැවතේ.
ෙරා්ගය සුව කිරීමට රෝගය වර්ධනය වන ස්ථානවල ගැල්වීමට ඖෂධීය ක්‍රීම් වර්ග ආලේප කළ හැකි අතර ඇතැම් විට රෝග නිවාරණයට ඖෂධ පෙති, කරල් ද භාවිත කෙරේ. තවත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට රෝගය වර්ධනය වන ස්ථානය උත්තේජනය කර කේෂ මූලයන්ට අවශ්‍ය ශක්තිය ලබා දී නැවත හිස කෙස් වර්ධනය කිරීමට ද සැලැස්වේ.
මේ සියලු ප්‍රතිකාර සම පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරයෙකු වෙත යොමු වී ලබා ගැනීමට වගබලා ගත යුතුය.
එසේ නොමැතිව රෝගය පැතිරෙන අවස්ථාවේදී තෙල් වර්ග, ශාක පත්‍ර යුෂ, හුණු, ලුණු වර්ග ආදිය ගැල්වීමෙන් රෝගය පැතිරෙන හිසේ කොටස්වල සම තුවාල වී කෙස් වර්ධනය වන කේෂ මූලයන් සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැකිය. එහෙයින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම ඉතාම වැදගත්ය.
හිස ආශ්‍රිතව ඇති වන උඳුගොව්වන් කෑමේ රෝගය රෝගියෙකුගෙන් රෝගියෙකුට කිසි විෙටක බෝ නොවන බැවින් රෝගය ඇති රෝගියකු ආශ්‍රය කිරීමට අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැත.
එමෙන්ම මෙම රෝගය ස්පර්ශයෙන් හෝ සුළඟ මගින් ද බෝ වීමක් සිදු නොවේ.
ජානමය සාධක මගින් ද රෝගය පැතිරෙන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් හමු වී නැත.
එහෙයින් රෝගය පිළිබඳ අනවශ්‍ය බියක් ඇති නොකර, නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වීම පහසුම ක්‍රමය වේ.
සටහන
අසුන්තා එදිරිසූරිය
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
කායිකව මෙන්ම මානසිකව ද වද දෙන උඳුගොව්වන් කෑම (alopecia Areata)