
සමහර වෙලාවට - “අද මට පැණිරස මොනවා හරි කන්න ඕනේ”, “ඇඹුල් මොනවා හරි කන්න ඕනේ”, එසේත් නැතිනම් “රයිස්,කොත්තු කන්න ඕනෑ.” “පැණි බීම බොන්න ඕනේ.” යනාදී සිතුවිලි සිතට නැගෙනවා නේද?
මේ සිතුවිලි අපේ සිතට නැගෙන්නේ අපේ කැමැත්තට ද? නැතිනම් අප පාලනය කරන වෙන කෙනකුගේ කැමැත්තකට ද? අලුත්ම විද්‍යාත්මක සොයා ගැනීමකට අනුව - හිටිහැටියේ අරක කෑමට ගන්න, මේක කෑමට ගන්න යැයි අපේ සිතට නැගෙන ඒ සිතුවිල්ල තීරණය කරන්නේ; තවත් පැහැදිලිව කීවොත්, අප කන්නේ මොනවාදැයි තීරණය කරන්නේ “ඇසට නොපෙනන පුංචි හමුදාවක්”.
මේ පුංචි හමුදාව “ක්ෂුද්‍ර ජීවීන්” ය . අපගේ අන්ත්‍ර නොඑසේනම් බඩවැල්වල ජීවත් වන ට්‍රිලියන ගණනක පුංචි ක්ෂුද්‍ර ජීවීන් ය.
ජීව විද්‍යාඥයන්ට අනුව මනුෂ්‍ය සිරුරේ බැක්ටීරියා වර්ග 3,000කට වඩා ජීවත් වන බව පැවැසෙයි. බැක්ටීරියා කී සැණින් බියට පත්වීම ට කාරණාවක් නැත. මේ බැක්ටීරියා අපේ සිරුරට හිතකර, සිරුරේ පැවැත්මට අත්‍යවශ්‍ය ඒවාය. අප ඇතැම් ලෙඩ රෝග වලින් ආරක්ෂා කර දෙන්නේ මෙවැනි ශරීරයට හිතකර බැක්ටීරියාය. බඩවැල් ඇතුළේ ජීවත් වන බැක්ටීරියා අතරින්, ආහාර සම්බන්ධයෙන් අපේ සිතට පණිවුඩ යැවීම සිදු කරන බැක්ටීරියා හැඳින්වෙන්නේ“ගට් මයික්‍රොබියෝටා” යන නමිනි. විද්‍යාඥයන් මීට පෙර සිතා සිටියේ, මේ බැක්ටීරියාවන්ගේ රාජකාරිය අප කන ආහාර ජීරණය කිරීමට උදවු කිරීම පමණක් කියාය.
වසර ගණනාවක් තිස්සේ සිදු කළ පර්‌යේෂණවලින් පසු විද්‍යාඥයන් දැන් අනාවරණය කරගෙන ඇත්තේ, උදරයෙහි වෙසෙන බැක්ටීරියාවන්ට අපේ මොළය (සිතුවිලි) පාලනය කළ හැකි බවය. ඒ අනුව, අප ඊළඟට කන්න ඕනේ මොනවා දැයි තීරණය කරමින්, මේ බැක්ටීරියා මොළයට සංඥාවන් ලබාදීම සිදු කරයි.
ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝ ඇල්කොක් පෙන්වා දෙන ආකාරයට - අපගේ බඩේ ජීවත් වන බැක්ටීරියා සැම විටම අපේ මිතුරෝ නොවෙත්. ඇතැම් අවස්ථාවලදී මේ බැක්ටීරියා කරන්නේ, ඔවුන්ට ඔවුන්ගේ වර්ධනයට අවශ්‍ය ආහාර වර්ග(පෝෂක) අප ලවා ලබාගැනීමට, සිරුරේ රසායනික පද්ධතිය හොරෙන්ම අත්පත් කර ගැනීමය.
“සල්මොනෙල්ලා” නමැති බැක්ටීරියාව මීට හොඳම උදාහරණයක් ලෙස විද්‍යාඥයෝ පෙන්වා දෙති. සල්මොනෙල්ලා හිතකර බැක්ටීරියාවක් නොවෙයි. මෙය අපේ සිරුරට ඇතුළු වූ පසු සිරුර උත්සාහ ගන්නේ කෑම රුචිය නැති කිරීමටය. කෑම අප්‍රිය කිරීමටය. ඒත් සල්මොනෙල්ලා ඊට ඉඩ නොදෙයි. සල්මොනෙල්ලා මොළයට යන පණිවිඩ අවහිර කරයි. ආහාර අරුචිය වෙනුවට අප ලවා දිගින් දිගටම ආහාර ගැනීමට සල්මොනෙල්ලා අප පොලඹවයි. සල්මොනෙල්ලා එසේ කරන්නේ ඔවුන්ගේ පැවැත්ම සඳහාය. ඇති තරම් ආහාර කුසට ලැබෙද්දී, පාචන තත්ත්වයන් පවා ඇති වෙයි. බැහැරවන මළද්‍රව්‍ය හරහා සල්මොනෙල්ලා තවත් ව්‍යාප්ත වෙයි. එය සැබැවින්ම සූක්ෂ්ම උපක්‍රමයකි.
ඔවුන් අඩපණ වෙද්දී නිර්මාණය වන්නේ සිරුරට හිතකර හොඳ බැක්ටීරියා’ හමුදාවකි. මෙම“හිතකර බැක්ටීරියා” හමුදාව වර්ධනය වෙද්දී, කාලයත් සමග පැණිරස හෝ තෙල් කෑම කෑමට ඇති කෑදරකම ඉබේම නැති වී යනු ඇත.
2022 දී පිට්ස්බර්ග් සහ කෝනෙල් විශ්වවිද්‍යාලවල විද්‍යාඥයෝ, වර්ග තුනක මීයන් යොදාගෙන අපූරු පර්‌යේෂණයක් කළහ. මේ මීයන් වර්ග තුන මාංශභක්ෂක මීයන්, ශාක භක්ෂක මීයන් සහ සර්ව භක්ෂක මීයන්ය. විද්‍යාඥයෝ මීයන්ගේ කුසේ සිටින බැක්ටීරියා ඉවත් කර, විද්‍යාගාරයක පිරිසුදුව නිර්මාණය කළ (බඩේ කිසිම බැක්ටීරියාවක් නැති) මීයන්ට ඇතුළු කළහ. විද්‍යාඥයන් අනුමාන කළේ මස් කන මීයන්ගේ බැක්ටීරියා ලැබුණු මීයා, ප්‍රෝටීන් අඩංගු මස් ජාති වලට පමණක් ප්‍රිය කරනු ඇතැයි කියාය. කෙසේ නමුත් සිදුවූයේ වෙනස් දෙයකි. ශාකභක්ෂක බැක්ටීරියා ලැබුණු මීයා ප්‍රෝටීන් බහුල ආහාර ආහාරයට ගැනීමටත්, මාංශභක්ෂක බැක්ටීරියා ලැබුණු මීයා පිෂ්ඨය බහුල කෑම ආහාරයට ගැනීමටත් වැඩියෙන් ප්‍රිය කිරීමය. බැක්ටීරියාවලට අඩුවන පෝෂ්‍ය පදාර්ථ, මීයන්ගේ මොළයට පණිවුඩ යවා ගෙන්වා ගැනීමට හැකි බව මෙහිදී තහවුරු විණැයි විද්‍යාඥයන්ගේ නිගමනය විය.
බඩේ සිටින බැක්ටීරියා, මොළයට පණිවිඩ යැවීම සිදු කරන්නේ කෙසේද? විද්‍යාඥයන්ට අනුව එසේ වන්නේ සිරුරේ ඇති රහස් පාරක් හරහාය. විද්‍යාඥයන් මෙම රහස් පාර හඳුන්වන්නේ “වාගස් ස්නායුව” යනුවෙනි. බඩවැල් සහ මොළය කෙළින්ම සම්බන්ධ වෙන්නේ මෙම ස්නායුව හරහාය. එමෙන්ම “නියුරෝට්‍රාන්ස්මීටර්” නමැති ස්නායු පණිවිඩකරුවන් නිර්මාණය කිරීමේ හැකියාව ද මේ බැක්ටීරියා සතුය.
“සෙරොටොනින්” නමැති හෝමෝනය ගැන ඔබ අසා ඇති. සෙරොටොනින් යනු සතුට, තෘප්තිය දෙන හෝමෝනයකි. ඔබ සිතනවා නම් මේ සෙරොටොනින් හෝමෝනය වර්ධනය වන්නේ අප මොළය තුළ යැයි එය සියයට 100 ක් නිවැරදි නැත. මෙම සෙරොටොනින් හෝමෝනයෙන් සියයට 90 ක් වැඩෙන්නේ අප මොළය තුළ නොව, බඩ ඇතුළේය. ශාකභක්ෂක බැක්ටීරියා බඩ ඇතුළේ වැඩිපුර සිටිද්දී සෙරොටොනින් හැදෙන්න උදව් “වනිට්‍රිප්ටොෆෑන්” මට්ටම ඉහළ යන බව පර්‌යේෂණ වලින් තහවුරු වූ කරුණකි. එවිට සීනි සහ පැණිරසට ඇති ආසාව ඉබේම නැතිවී යයි.
‘නේචර් මයික්‍රොබයෝලජි විද්‍යා සඟරාවේ පළවුණු වාර්තාවකට අනුව, බඩේ සිටින“බැක්ටීරොයිඩීස් වල්ගටස්” නමැති බැක්ටීරියාව, සිරුරේ ජීඑල්පී 1 නමැති හෝමෝනය උත්තේජනය කරයි. අද ලෝකයේ ප්‍රකට බර අඩු කිරීමේ ඖෂධයක් ලෙස සැලකෙන “ඔසෙම්පික්” වැනි ඖෂධ වලින් කරන්නේ ද මෙම ජී.එල්.පී. 1 හෝමෝනය කෘත්‍රිමව ක්‍රියාත්මක කිරීමය. බඩේ “හොඳ’ බැක්ටීරියා සිටින්නේ නම්, ජීඑල්පී 1 හෝමෝනය ස්වාභාවිකවම නිර්මාණය වී සීනි (පැණිරස) කෑමට ඇති ආසාව පාලනය කර, දියවැඩියාව වැනි ලෙඩවලින් අපව බේරා ගනී.
බඩේ සිටින බැක්ටීරියා, මොළයට පණිවිඩ යැවීම සිදු කරන්නේ කෙසේද? විද්‍යාඥයන්ට අනුව එසේ වන්නේ සිරුරේ ඇති රහස් පාරක් හරහාය. විද්‍යාඥයන් මෙම රහස් පාර හඳුන්වන්නේ “වාගස් ස්නායුව” යනුවෙනි.
දැන් ඔබට පැහැදිලි ඇති, අප කන කෑම සහ බැක්ටීරියා අතර “ප්‍රතිපෝෂණ චක්‍රයක්” ඇති බව. දිගටම පැණිරස, තෙල් කෑම, ක්ෂණික කෑම ආහාරයට ගන්නේ නම්- බඩ ඇතුළේ ඒ කෑම වලට ආස කරන බැක්ටීරියා වර්ධනය වැඩි වෙයි. ඉන්පසු එම බැක්ටීරියා කරන්නේ, තව තවත් ඒ වගේ අගුණ ආහාර වර්ග ඉල්ලමින්, අප මොළයට දිගින් දිගටම බලපෑම් කිරීමය. අප සීනිවලට (පැණිරස) ඇබ්බැහි වෙන්නේ ඒ ආකාරයටය. එසේ වුවත් මෙයින් අදහස් වන්නේ, අප බැක්ටීරියාවල රූකඩයක් යන්න නොවෙයි. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥ කෙවින් කෝල් පැහැදිලි කරන ආකාරයට, මනුෂ්‍ය අපට තවමත් “අපේ නිදහස් කැමැත්ත” ඇත. බැක්ටීරියා කරන්නේ, දුරස්ථ පාලකයකින් සංඥාවක් සිතුවිලි වලට දීම වැනි කුඩා බලපෑමක් පමණි. ඕනෑ නම් අපට ඒ සංඥා වලට අකීකරු විය හැක. එසේ කිරීමට නම් අපේ සිත ශක්තිමත් විය යුතුය.
හොඳ සෞඛ්‍ය පුරුදු වර්ධනය කර ගැනීමට පමණක් නොව සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් කෙරෙහි යොමු වීමට මෙය කදිම අවස්ථාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. සති කිහිපයක පටන්, පැණිරස කෑම පාලනය කරමින් එළවළු, පලතුරු, පලා වර්ග සහ කෙඳි සහිත ගුණදායක කෑම ආහාරයට එක් කර ගැනීමට පුරුදු වුණොත්, බඩේ සිටින“අහිතකර බැක්ටීරියා” අඩපණ වෙයි. ඔවුන් අඩපණ වෙද්දී නිර්මාණය වන්නේ සිරුරට හිතකර හොඳ බැක්ටීරියා’ හමුදාවකි. මෙම“හිතකර බැක්ටීරියා” හමුදාව වර්ධනය වෙද්දී, කාලයත් සමග පැණිරස හෝ තෙල් කෑම කෑමට ඇති කෑදරකම ඉබේම නැති වී යනු ඇත.
ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd