
දයාසීලි ලියනගේ
දැනට වසා දමා තිබෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ට ගිය මාසයේදී අතිකාල මුදල් ලෙස රුපියල් කෝටි හතර හමාරක් ගෙවා ඇති බව වාර්තාවේ.
මෙම පිරිපහදුවේ සේවක සංඛ්‍යාව 900ක් වන අතර මාසයකට අවම පැය 75ක් අතිකාල සේවය වශයෙන් අතිකාල මුදල් ලැබීමට සේවකයන්ට හැකියාව ඇත. ඒ අනුව පිරිපහදුවේ එක් සේවකයෙක් අවම වශයෙන් මසකට රුපියල් 50,000ක මුදලක් අතිකාල වශයෙන් ලබාගන්නා බව ද සඳහන් වේ.
බොරතෙල් නොමැතිවීම නිසා පසුගිය ඔක්තෝබර් 4 වැනිදා සිට පිරිපහදුව වසා දමා ඇත.
අතිකාල හා වැටුපට අමතරව නිලධාරීන් සේවයට පැමිණීම වෙනුවෙන් දිනකට රුපියල් 400 ක දීමනාවක් ද ගෙවනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd