IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සජිත්ද, රනිල්ද, කරුද? තීන්දුව බදාදා

 

(අජන්ත කුමාර අගලකඩ)  

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද, එසේත් නැතිනම් කතානායක කරු ජයසූරිය මහතාද යන්න බදාදා (25) දිනයේදී තීරණය කරනු ඇතැයි දැන ගන්නට තිබේ.   

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා දිනයේ රැස්වීමට නියමිතව ඇති අතර එහිදී ජනාධිපති අපේක්ෂකයා තීරණය කරනු ඇතැයි වාර්තාවේ.   එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයින්ද එජාප වෙත දන්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග කියයි.   


රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පී. දිගම්බරන්, රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරු සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමේ තීරණයකට දැනටමත් එළඹ ඇත.   
තමා ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සජිත් ප්‍රේමදාස මහතා එජාප සමග කටයුතු කරන සෙසු පක්ෂ නායකයින්ට දැනුම්දී ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග කියයි.   මේ අතර එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙන මන්ත්‍රීවරු කණ්ඩායම ගිය බ්‍රහස්පතින්දා උදේ වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එජාප සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇති අතර එහිදී ද සජිත් ප්‍රේමදාස මහතා ජනපති අ​ෙප්ක්ෂකයා විය යුතු බවට සියලු දෙනාම තීරණයකට පැමිණ ඇතැයි ද වාර්තා වේ.   

 



අදහස් (0)

සජිත්ද, රනිල්ද, කරුද? තීන්දුව බදාදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site