ශ්‍රීලනිප මහලේකම් රාජ්‍ය ඇමැති
දයාසිරි ජයසේකර
(දයාසීලි ලියනගේ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මුළුමනින්ම දේශපාලන ලියවිල්ලක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේක මහතා ප්‍රකාශ කරයි.
පාස්කු බෝම්බ ප්‍රහාර සැලසුම් කළේ කවුද? යන මූලික ප්‍රශ්නය, නායකයා කවුද? රට අරාජික කිරීමට අවශ්‍යව ඇත්තේ කාටද? යනාදී ජනතාව බලාපොරොත්තු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී නැති මෙම කොමිසම දේශපාලන ස්වරූපයකින් වාර්තාව සකස් කර ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
පක්ෂයේ නායකයාට එරෙහිව මෙම වාර්තාවෙන් චෝදනා ඉදිරිපත් කර තිබෙන බවට හොඳම සාධකයක් ලෙසට වාර්තාවේ එක් තැනක හිටපු ජනාධිපතිවරයා රටින් බැහැරව යනවිට ආරක්ෂක ඇමැතිවරයෙක් පත් නොකිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස සඳහන් කර ඇති අතර තවත් තැනක ජනාධිපතිවරයා රටින් බැහැර වෙනවිට ආරක්ෂක ඇමැතිවරයකු පත් කළයුතු ආකාරයට ප්‍රතිපාදන සැකසිය යුතු බව සඳහන් කර ඇතැයි ද කීය. හිටපු ජනාධිපතිවරයා වින්දිතයෙක් කිරීමේ සිද්ධිය පිළිබඳව ඉදිරි දිනවල දී ජනතාව දැනුවත් කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
297
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාව මුළුමනින්ම දේශපාලන ලියැවිල්ලක්