(විනීතා එම්. ගමගේ)
පුත්තලම ප්‍රදේශයේ ඕනෑම පළාත් පාලන ආයතනයක කසළ භාර ගැනීමට අරුවක්කාරු කසළ අංගණය දැන් සූදානම් යැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
අතිශයින් විද්‍යාත්මක ලෙස ඉදිවන අරුවක්කාරු කසළ අංගණයේ එක් කුටීරයක වැඩ අවසන්ව ඇති බවත් එහි කසළ ටොන් 600ක් තැන්පත් කළ හැකි බවත් කී අමාත්‍යවරයා ආසන්නයේ ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ කසළ සඳහා එය මේ වනවිටත් විවෘතව පවතින බව ද කියා සිටියේය.
අංගණය වෙත කසළ ගෙන ඒම ඒ ඒ පළාත් පාලන ආයතනවල වගකීමක් බවත් ඒවා භාරගෙන තැන්පත් කිරීම කසළ අංගණයේ කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ බැහැර කෙරෙන කසළවලින් නොදිරන කසළ කෙරවලපිටිය කොම්පෝස්ට් අංගණය වෙත ගෙන ඒම ඉකුත් 20 වැනිදායින් පසු නොකළ යුතු බව දන්වමින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලිපියක් මගින් දැනුම්දී තිබීම හේතුවෙන් කොළඹ මහ නගර සභාව බරපතළ අසීරුතාවකට පත්ව ඇතැයි වාර්තාවේ.
ඒ පිළිබඳව කළ විමසීමකදී මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ නොදිරන කසළ එහි ගෙන නොඑන ලෙස දැනුම් දුන් බවය.
කෙසේ වෙතත් තවත් සුළු සහන කාලයක් ලබා දෙන්නැයි නගර සභාව විසින් ඉල්ලීමක් කර ඇතැයි කී එම නිලධාරියා ඒ පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවද කියා සිටියේය.
කෙරවලපිටිය කසළ අංගණය තව දුරටත් දිරායන කසළ භාරගෙන කාබනික පොහොර සැකසීම සිදුකරන බවත් ප්‍රශ්නගතව පවතින්නේ දිරානොයන කසළ බවත් හෙතෙම සඳහන් කළේය.
කෙරවලපිටිය අංගණයට කසළ දැමීමට අවසර දුන්නේ වසරකට පමණක් යැයි කී එම නිලධාරියා මේ වනවිට වසර දෙකක් තිස්සේ එහි කසළ දමා ඇතැයිද කීය.
මෙම වගුරු බිමට කුණු දැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වාර්ෂිකව මිලියන 100ක මුදලක් නගර සභාවෙන් අයකර ගෙන තිබිණි. එමෙන්ම කුණු එකතු කිරීමේ කටයුතු සඳහා නගර සභාව පෞද්ගලික සමාගමකට රුපියල් මිලියන 28ක්ද ගෙවනු ලැබ ඇත.
කොළඹ නගර සභා බල ප්‍රදේශයේ දිනකට කසළ ටොන් 1000ක් පමණ එකතුවන අතර එයින් සියයට හැත්තෑවක් පමණ දිරායන කසළ වේ.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුත්තලමේ කසළ ගන්න අරුවක්කාරු දැන් සූදානම්