(නිශාන්ත කුමාර බණ්ඩාර)
දෙමළ සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙතෙක් පිළිගෙන නැතැයි එම සන්ධාන ආරංචිමාර්ග පවසයි. එම සන්ධානය එල්ටීටීඊ සංවිධානය සමග සමීප සබඳතා පැවැත්වූ බවට මතයක් පවතින නිසා එය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට ඇමෙරිකාව හා ඉන්දියාව දැඩි විරෝධයක් දක්වා ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කළේය.
දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ප්‍රධාන කොට දෙමළ සන්ධානය මැතිවරණයට ඉදිරිපත් විය. කෙසේ වෙතත් දෙමළ සන්ධානය ලියාපදිංචි කිරීම පිළිබඳව ඇමෙරිකාවට හෝ ඉන්දියාවට බලපෑමක් කිරීමට නොහැකි බවත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඒ පිළිබඳ තීරණයක් ගත යුතු බවත් ප්ලොට් සංවිධානයේ නායක ටී. සිද්ධාර්ථන් මහතා සඳහන් කළේය. ඉදිරි පළාත් සභා මැතිවරණයට දෙමළ සන්ධානය සමග සහයෝගයෙන් කටයුතු කරන බව ද සිද්ධාර්ථන් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
667
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමළ සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවේලු?