IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


තවත් චණ්ඩ මාරුතයක් ළඟ එන ලකුණු

 

(ඩයනා උදයංගනී)  
ශ්‍රී ලංකාවට පසුගිය දින කිහිපයේ දී දැඩි බලපෑම් එල්ල කළ ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම මේ වන විට පහව යමින් තිබුණ ද දිවයින ආශ්‍රිතව තවත් පීඩන අවපාතයක් මේ වනවිට වර්ධනය වෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

ඉන්දුනීසියාව දෙසින් වර්ධනය වෙමින් පවතින මෙම පීඩන අවපාතය මෙම මස 5, 6 දිනවල දී ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා පැවැසීය.  


එහි බලපෑම කොතෙක් වේ දැයි මෙතෙක් කිව නොහැකි නමුත් මෙම පීඩන අවපාතයේ වැඩි බලපෑම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට එල්ලවෙනු ඇතැයි අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.  
ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්වල තද සුළං හා වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.  


ශ්‍රී ලංකාවට පසුගිය දිනවල බලපා තිබූ ගැඹුරු පීඩන අවපාතයේ බලපෑමෙන් ඉකුත් 29 වැනිදා සිට බලපෑ සැඩ සුළං, මහ වැසි හා මුහුදු තීරයන් රළුවීම් හේතුවෙන් පළාත් 6ක, දිස්ත්‍රික්ක 15කට දැඩි බලපෑම් එල්ල විය.  


ඒ හේතුවෙන් පවුල් 14,617කට අයත් පුද්ගලයන් 55,855ක් පීඩාවට පත් වූ අතර පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් 8 දෙනෙකු අතුරුදන් විය.  


ගස් කඩාවැටීම්, ධීවර බෝට්ටු අනතුරට ලක්වීම් ආදිය හේතුවෙන් මෙම මරණ සිදුව ඇති අතර තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබිණි.  


ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, කළුතර, ගම්පහ, මොණරාගල, බදුල්ල, පුත්තලම, මහනුවර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවලට මෙම ආපදා තත්ත්වය බලපෑ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.  


මෙම තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයන්හි නිවාස 430ක් පූර්ණ වශයෙන් විනාශ වී තවත් නිවාස 11,597කට අර්ධ හානි සිදු වූ අතර තද සුළඟ සමඟ ගස් කඩා වැටී විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් බස්නාහිර, දකුණ, ඌව, සබරගමුව හා මධ්‍යම පළාත්වල ප්‍රදේශ රැසක විදුලිය ඇණ හිට තිබිණි.  


අධිබල විදුලි රැහැන් මතට පවා ගස් කඩා වැටී තිබූ අතර ඒ හේතුවෙන් ද විශාල හානියක් සිදු වූ අතර එම හානි කෙතෙක් ද යන්න මෙතෙක් ගණනය කර නැත. මෙම ආපදාවෙන් මියගිය ධීවරයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් හිමිවන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.  


හානියට පත් නිවෙස් වෙත ආපදා රක්ෂණ අරමුදල මගින් කඩිනම් වන්දියක් ලෙස රුපියල් 10,000 බැගින් ලබාදෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.  


හානි ගණනය කිරීමෙන් අනතුරුව සම්පූර්ණ වන්දි ලබාදීමට නියමිත බවද අමාත්‍යවරයා කීවේය. මීට අමතරව දුම්රිය මාර්ග ඇතුළු මාර්ගවලට ද ගස් කඩාවැටීම් හේතුවෙන් පසුගිය දින තුනක පමණ කාලයේදී ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා එල්ල විය.  


විහාර මහා දේවී උද්‍යානයේ ඇතුළුව කොළඹ නගරයේ පමණක් විශාල ගස් 50ක පමණ ප්‍රමාණයක් සුළඟින් ඉදිරී ගොස් තිබිණි.  


මීට අමතරව තදවැසි සමඟ ගිං හා නිල්වලා ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ද ඇති වූ අතර කළු හා කැලණි ගංගා ද පිටාර මට්ටමට ආසන්න වෙමින් තිබිණි.  රත්නපුර, බදුල්ල, මාතර, ගාල්ල, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, මොණරාගල, කළුතර යන දිස්ත්‍රික්කවල නායයාමේ අවදානමක් ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.   



අදහස් (1)

තවත් චණ්ඩ මාරුතයක් ළඟ එන ලකුණු

Sathyayaa Tuesday, 05 December 2017 09:43 PM

දේශපාලන චණ්ඩ මාරුතයක පෙර නිමිතිද පහළ වෙමින් පවතිනවා. මෙතෙක් විරාජමානව සිටි දැවැන්ත වෘක්ෂ කිහිපයක් මුලින්ම උදුරා වැටෙන දිනය වැඩි ඈතක නොවන බව අද දවසේ සටහන් කර තබනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 84 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 371 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site