- චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නුවංගිකා ශිවන්නි
නිලුකා කුමාරතුංග
මේ දිනවල ලංකාවේ බහුලව පැතිර යන ”ටීනියා”(Tinea) නමැති දිලීර රෝගයට නිසි ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නුවංගිකා ශිවන්නි පවසයි.
චර්ම රෝගවලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගෙන් සියයට20 ක් පමණ මෙම ආසාදනයට ලක්වූවන් බව ඇය ප්‍රකාශ කළාය.
වෛද්‍ය උපදෙස් නොමැතිව හිතුමතේට හෝ මිතුරන් කියන පරිදි ඖෂධ වෙළෙඳසැල්වලින් ස්ටෙරොයිඩ් (Steroids) අඩංගු ඖෂධ අඩංගු ආලේපන කිරිම යෝග්‍ය නොවන බව ද ඇය කීවාය.
මෙම ඖෂධ භාවිතය නිසා රෝග ලක්ෂණ වෙනස් වී රෝගය නිසි ලෙස හඳුනාගැනීම අසීරු වන බව ද ඇය පැවසුවාය.
එසේ කිරීමෙන් රෝගය ශරීරය පුරා වේගයෙන් පැතිරී යන අතර ඖෂධවලට ප්‍රතිරෝධ තත්ත්වයක් ඇතිවෙන බව ඇය පෙන්වා දෙයි.
මෙයින් සිදු වන්නේ කාලය ගතවීමෙන් විශාල ප්‍රතිකර්මවලට යාමට සිදුවීම බව ද එවැනි ආලේපන භාවිත කිරීමෙන් වළකින ලෙසද විශේෂඥ වෛද්‍ය නුවංගිකා ශිවන්ති සඳහන් කළාය.
එසේ ඇති වන චර්ම රෝගවලට ප්‍රතිකාර කිරීමේදී වඩාත් සුදුසු චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව ඇය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd