ප්‍රේමකීර්ති රණතුංග
බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් සිරගතව හා රිමාන්ඩ් භාරයේ සිටින වයස අවුරුදු හැත්තෑව ඉක්මවූ සිරකරුවන් බන්ධනාගාරයෙන් මුදාහැරීමේ හැකියාව පිළිබඳව රජය සොයා බලාගෙන යන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල සඳහන් කරයි.
හිරගෙවල්වල ඉඩ...
බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා ගතහැකි පියවර ගැන ආණ්ඩුව අභ්‍යන්තරයේ ඉකුත් දා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී යෝජනා ගණනාවක් සාකච්ඡාවට ලක් වූ බව ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. හැත්තෑවට වැඩි සිරකරුවන් 1,000 ඉක්මවූ පිරිසක් මෙරට බන්ධනාගාරවල සිටින බවට දැනට නිරීක්ෂණය කර තිබේ. ඇමැතිවරයා පැවසුවේ නිලධාරීන් දැනට මෙම සංඛ්‍යා ලේඛන ගැන සොයා බලමින් සිටින බවය. මිනීමැරුම් අපරාධ සඳහා සිරගත නොවූ වයෝවෘද්ධ සිරකරුවන් මෙසේ මුදාහැරීමට යෝජනා වී ඇත .
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර ඇති පුද්ගලයන්ගේ නඩුවලට අදාළ රස පරීක්ෂක වාර්තා ලැබීමට දිගු කාලයක් ගතවෙන බව ද මේ නිසා සිරකරුවන් නොසන්සුන්තාවට පත්වී ඇතැයි හෙළිදරව් වී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය. මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සමඟ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති ඇතැම් පුද්ගලයන්ගේ රස පරීක්ෂක වාර්තා ලැබීමට අවුරුදු එක හමාරකට වැඩි කාලයක් ගත වී ඇති අවස්ථා ද වාර්තා වී තිබේ.මේ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවති සාකච්ඡාවකදී රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා ඇත්තේ නිලධාරීන්ගේ විශාල හිඟයක් තම දෙපාර්තමේන්තුවට ඇති බවය.
සුළු වැරදි සම්බන්ධයෙන් සිර භාරයට පත් නොකර නිවාස අඩස්සියට පත් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ඉකුත් කාලයේ සකසා ඇති අතර එම වැඩපිළිවෙළ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මෙහිදී පවසා ඇත.
“රුපියල් දස දහසක දඩයක් ගෙවා ගන්න බැරිව හය මාසෙක සිර දඩුවම් නියම වෙලා ආපු සමහර හිරකාරයො ඉන්නවා. ඔය මාස හයට ඒ මිනිහා වෙනුවෙන් රජයට රුපියල් දස දහසට වඩා වැය වෙනවා. මෙවැනි පිරිස් නිසා බන්ධනාගාර තදබදය වැඩි වෙලා. අපි මෙවැනි අයට වෙනත් දඬුවමක් දිය හැකි ක්‍රමයක් සොයා බලාගෙන යනවා යැයිද ඇමැති වටගල මහතා සඳහන් කළේය.
ඉකුත් කාලයේ සිදු කළ මත්ද්‍රව්‍ය මෙහෙයුම් හේතුවෙන් මත් ලෝලී සැකකරුවන් විශාල වශයෙන් බන්ධනාගාරගත කිරීම නිසා බන්ධනාගාර පිරී ඉතිරී ගොස් ඇති බවද දැනගන්නට තිබේ. මෙරට දඩුවම් නියමවූ සිරකරුවන් සංඛ්‍යාව සහ නඩු අවසන් වන තුරු බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් සංඛ්‍යාව 41,000 ඉක්මවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd