නිලුකා කුමාරතුංග
ප්‍රවාහන කටයුතුවල නිරත රියැදුරන්, කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමේ ජංගම වැඩසටහන මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාවට නංවන බව ජාතික ප්‍රවාහන ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන පද්ධතිය මගින් ක්‍රියාත්මක කර ඇති ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
බත්තරමුල්ල, කොස්වත්ත ”මග නැගුම මහ මැදුරේ” පැවති එම මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම නිසා මහමග අනතුරු විශාල සංඛ්‍යාවක් සිදුවන බවය.
එහිදී ඔහු මෙසේ ද කීය.
”මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම නිසා මහ මඟ අනතුරු සිදුවනවා වගේම විශාල පිරිසකගේ ජීවිත අහිමි වෙනවා. තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වෙනවා. රිය ධාවනයේදී රියැදුරකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය නොතිබිය යුතුයි. පසුගිය කාලයේ රියැදුරන් විශාල පිරිසක් මතට ඇබ්බැහි වීම හේතුවෙන් ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍යවලින් තොර ධාවනයක් වෙනුවෙන් ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කළා.
ඒ යටතේ බස්නාහිර පළාතේ පමණක් රියැදුරු සහ කොන්දොස්තරවරුන් 5,242 ක් පරීක්ෂාවට ලක් කළා. මොවුන්ගෙන් 239 දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුණා. ඔවුන්ට නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගත්තා. මේ වසර අවසන් වීමට පෙර පරීක්ෂණ ක්‍රියාවලිය දෙගුණයකින් වැඩි කිරීමටත්, බස්නාහිර පළාතෙන් පිටත පරීක්ෂණ ආරම්භ කිරීමටත් කටයුතු කරනවා. පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන මෙම ජාතික වැඩසටහන දඬුවමකට එහා ගිය අත්‍යවශ්‍ය පණිවිඩයක් ලබා දීම සඳහායි”
මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ සඳහන් කළේ බස්නාහිර පළාතේ පමණක් මගී ප්‍රවාහන රියැදුරු හා කොන්දොස්තරවරුන් 11,000 ක් පමණ සේවයේ යෙදවෙන බවයි.
රියැදුරන් හා කොන්දොස්තරවරුන් විෂ මත්දුව්‍ය භාවිත කරන පිරිසක් යැයි සමාජයේ මතයක් තිබෙන අතර එය සියයට සියයක් එසේ නොවන බව ද ඔහු පැවසීය. මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන්නේ කවුද කියා සෙවීමට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd