සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ
- මම හිතන්නේ පක්ෂයක් විදියට සමගි ජන බලවේගය අලුත් වෙන්න ඕනෑ. අපේ පක්ෂයට දැන් අවුරුදු හයක් විතර වෙනවා. ඒ නිසා පක්ෂය ‘අලුත් වෙන්න ඕනෑ’ කියන මතය මම දරනවා.
රටේ දේශාපලන තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ සමග පැවැත්වූ සාකච්ඡාවකි.
ඔබ වැඩිය පේන්නත් නෑ. සද්දත් නෑ. පක්ෂයෙන් කැපිල්ලක් ද? කලකිරීමක් ද?
පිළිතුර – ටිකක් පරිණත වෙනකොට වැඩිය සද්දෙ දාන්න හොඳ නෑ. ආපු මුල් දවස්වල ගොඩක් පෙරළි කළා, රණ්ඩු වුණා, බැණගත්තා, වාද කරගත්තා. දැන් මම හතරවැනි පාරටයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. පරිණත වෙනකොට වෙනස් වෙන්න ඕනෑ. ‘‘පිරුණු කළේ දිය නොසැලේ’’ කියනවානේ. අවශ්‍ය වෙලාවට කතා කරනවා. ගිය සතියේ මම පාර්ලිමේන්තුවේ කතාකළා. එහෙම තමයි යන්න ඕනෑ.
සජබය තුළ දක්ෂයන්ට තරුණයන්ට තැනක් නැද්ද?
පිළිතුර - මම හිතන්නේ පක්ෂයක් විදියට සමගි ජන බලවේගය අලුත් වෙන්න ඕනෑ. අපේ පක්ෂයට දැන් අවුරුදු හයක් විතර වෙනවා. ඒ නිසා පක්ෂය ‘අලුත් වෙන්න ඕනෑ’ කියන මතය මම දරනවා. පක්ෂය ඇතුළේ මම ඒ ගැන කතා කරලත් තියෙනවා. පක්ෂය වටා මිනිස්සු ඒකරාශි වෙන එක වැඩි කරගන්න පක්ෂය ඇතුළේ විවිධාකාර වෙනස්කම් විය යුතුයි. ඒක තනතුරුවල වෙනස්කම් වෙන්න පුළුවන්. කාලානුරූපීව ඒ වෙනස්කම් සිදුවිය යුතුයි කියලයි මම හිතන්නේ. ඒ වෙනස්කම් සිදුයි යුතුයි කියන සටනේ මම ඉන්නවා.
ඔය ඔබ කියන සටනේ තවත් අය ඉන්නව ද?
පිළිතුර - විශාල පිරිසක් ඉන්නවා. නායකතුමන් ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා. අලුත් ගමනක් අලුත් ආකාරයකින් පක්ෂය ඉදිරියට ගෙන යා යුතුයි කියන මතයේ නායකතුමාත් ඉන්නවා.
සජිත් ප්‍රේමදාස පක්ෂය තුළ තනි තීරණ ගන්න බවත් එය පක්ෂයෙ ගමනට බාධාවක් බවත් කියනවා?
පිළිතුර - ඒක සියයට සියයක් සත්‍ය නෑ. පක්ෂ නායකයා හැටියට එතුමන් යම් යම් අවස්ථාවල ඒකමතිකව තීන්දු ගන්න අවස්ථා ඇති. නමුත් සාපේක්ෂව පක්ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සියයට සියයක් නැතත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තියෙන පක්ෂයක් හැටියට අපේ පක්ෂය හඳුන්වන්න පුළුවන්.
ඔබලා එජාපයෙන් කැඩිලා ආවෙත් ඔය කියන ‘‘“අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය’’ නෑ කියලයි. සජබය තුළත් අද ඒ ප්‍රශ්නයම ඇවිත්?
පිළිතුර - පක්ෂය තවදුරටත් ව්‍යුහත්මකව සකස් විය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ. පක්ෂයේ තීන්දු තීරණ ගැනීමේදී පක්ෂය තුළ තියෙනවා කළමනාකරණ කමිටුවක්. ඒ කළමනාකරණ කමිටුවට පක්ෂයේ කත්‍යාධිකාරී මණ්ඩලයේ විශාල පිරිසක් ඉන්නවා. සියයකට ආසන්න පිරිසක්. ඒ සියලු දෙනා වරින්වර කැඳවන්න බෑ. කළමනාකරණ කමිටුවේ ඉන්නේ 10ක් 12ක් විතර පිරිසක්. තීන්දු තීරණ ගැනීමේදී පක්ෂයෙ ඉහළම ආයතනය වන කළමනාකරණ කමිටුවේ අදහස විමසා ඒ අය සමගත් සාකච්ඡා කරලා කටයුතු කරනවානම් හොඳයි කියලයි මම හිතන්නේ.
හරක් කටාගෙන් මුදල් ලබාගත්ත බවට සැකපිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින චරිත් අබේසිංහට පක්ෂයේ හොරණ ආසන සංවිධායකකම දීම - ඔහු පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගැනීම සම්බන්ධයෙන් පක්ෂය තුළ විශාල මතභේදයක් තියෙනවා නේද?
පිළිතුර - යම්කිසි කෙනෙක් පක්ෂයට ගැනීමේදී එක්සත් ජාතික පක්ෂය නම් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ගැනීමේදී හා සංවිධායකකමක් දීමේදී කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය අනිවාර්ය වුණා. හැබැයි එ්ක සමගි ජන බලවේගය තුළ සිදුවෙන්නේ නෑ. ඒක අඩුපාඩුවක් විදියට මම දකිනවා. විශේෂයෙන්ම චරිත් අබේසිංහගේ ප්‍රශ්නයේදී .
ආසන සංවිධායකකම දීමේදි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ගැනවත් අදාළ දිස්ත්‍රික්කයේ පක්ෂයේ නායකයාගේ අනුමැතිය ගැනීමත් වැදගත්. එසේ නොවීම ලොකු අඩුපාඩුවක් විදියට මම දකිනවා. ඉදිරියේදි ආසන සංවිධානයකකමක් දීමේදී කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතියත් කළමනාකරණ කමිටුවේ අනුමැතියක්, දිස්ත්‍රික් නායකවරයාගේ අනුමැතිය ගැනීමත් වටිනවා. අනුමැතිය කෙසේ වෙතත් දැනුවත් කිරීමක් හෝ කළ යුතුයි. එතැනදි සුවිශේෂි ගැටලුවක් තියෙනවා නම් ඒවා ඉස්මතු කරගන්නත් පුළුවන්.
සජබය කිව්වෙ නම් අපි බොහොම පිරිසුදු පක්ෂයක් කියලයි. නමුත් චරිත් අබේසිංහගේ ප්‍රශ්නය?
පිළිතුර - මෙහෙමයි ඔය හැම පක්ෂයකම විවිධ ප්‍රශ්න තියෙන අය ඉන්නවා. ඉතින් මම හිතන්නේ නෑ ඒකට පක්ෂ නායකත්වය හෝ පක්ෂය වගකිව යුතුයි කියලා. අද රට කරවන ජනතා විමුක්ති පෙරමුණට පවා වැරදුණ අවස්ථා තියෙනවා. ඊබ්‍රාහිම් ගෙ නම ජාතික ලැයිස්තුවට ආවේ කොහොම ද? ඒ වගේ තමයි චරිත් අබේසිංහට තියෙන චෝදනා ඒ චෝදනා තවම ඔප්පු වෙලා නෑ. ඔහු ගැන තියෙන චෝදනාත් එහෙම තමයි. හැම පක්ෂයක්ම මේවගේ ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. සාපේක්ෂව අපේ පක්ෂයේ ඉතාම හොඳම කණ්ඩායමක් ඉන්නවා. අපේ පක්ෂයේ අයට නඩු නෑ. චරිත් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුත් නොවෙයි. ඔහු ඉතාම මෑතකදී පක්ෂයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. මේ චෝදනාව එල්ල වූ ගමන් ඔහුගේ පක්ෂ සාමාජිකත්ව හා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් විවිධ චෝදනා තියෙන නිසා ඔහු වැරෙන් ආණ්ඩුවට ගහන්නේ නෑ කියලත් තියනවා.
පිළිතුර - ඒක මම පිළිගන්නේ නෑ. අපේ නායකතුමා ආණ්ඩුව විවේචනය කිරීම දෛනිකව කරනවා. අපි නම් කියන්නේ දෛනිකව විවේචන කරන්න එපා කියලයි. නමුත් එතුමා දෛනිකව කාලීන ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ ප්‍රහාරය ප්‍රමාණාත්මකද නැද්ද කියන කාරණයයි ඔබ ඔය මතු කරන්නේ. වැරෙන් ගහනවද අඩුවෙන් ගහනව ද කියන එක ඒ ඒ මාතෘකා මත තීරණය වෙනවා. එතුමා ආණ්ඩුවක් සමග දැඩිව ගැටුණු අවස්ථා තියෙනවා. ඒ වගේම ආණ්ඩුව සමග එකඟ වෙච්ච අවස්ථාවත් ඇති. අපි ආණ්ඩුව විවේචනය කරන්න ඕනෑ. ඒ විවේචනය ගුණාත්මකභාවයක් තියෙන්න ඕනෑ. අපේ නායකතුමා ඒක ඒ විදියට කරනවා.
ඔබ ගොවි ජනපද නියෝජනය කරන් දිස්ත්‍රික්ක නායක මහජන නියෝජිතයෙක්. ගොවියෝ දැන් ඉන්නේ ගොවි බිම්වල නොවෙයි සටන් බිම්වල? ඔබ කොහොම ද ඒක දකින්නේ?
පිළිතුර - වෙනදා වෙන දේ තමයි අපේ රටේ යල සහ මහ කන්නවලදී ගොයම් නෙළපු ගමන් ගොවියෙක් ඒ අවස්ථාවේදීම තමන්ගේ වී විකුණා ගන්නවා. සමහරු ප්‍රමාණයක් ගබඩා කර ගන්නවා. කන්නයේ අස්වැන්න නෙළාපු ගමන් තමයි වී මිල අවම මිලේ තියෙන්නේ. මාසයක් දෙකක් යනකොට අවම වී මිල රුපියල දෙක-තුන-පහ -දහය ආදි වශයෙන් වැඩි වෙනවා. මේ සැරේ ඒකේ වුණේ අනික් පැත්ත. අස්වැන්න නෙළපු ගමන් රු. 110ට තිබුණ වී මේ වෙනකොට 130ට 135ට නැගලා තියෙන්න ඕනෑ. නමුත් අද රුපියල් 80ට 90ට වී ගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා.
මේක කිසිම ගොවියෙක් අපේක්ෂා කළ තත්වයක් නොවෙයි. මේකට බලපාපු කාරණා තියෙනවා. රජය හාල් ආනයනය කිරීමට කටයුතු කළා. ඒවාගේම රජයට බැරි වුණා ප්‍රමාණාත්මක ලෙස වී මිලදී ගන්න. මම දන්න විදියට වි මිලට ගත්තෙම නෑ. ඒ කළමනාකරණය නිසා තමයි වි ගොවියාට අස්වැන්න නෙළලා, නිශ්චිත කාලයක් ගබඩා කරගෙන හිටපු ගොවියට අද වීවලට සාධාරණ මිලක් ලබාගන්න බැරිවෙලා තියෙන්නේ.
ඇමැති වසන්ත සමරසිංහ කිව්වා රජයේ සේවකයන්ට ලීසිං ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙනවා කියලා.
පිළිතුර - මම හිතන්නේ වසන්ත සමරසිංහ ඇමැතිවරයාට කියන්න ඕනෑ දේ කියාගන්න බැරි වුණාද දන්නේ නෑ. අපි දන්න ඉතිහාසයට අනුව හාල් දුන්නේ නිකම්. එහෙම නැත්නම් අඩු මිලට දුන්නා. මෙතැනදී කිව්වේ ගෙවන්න දෙනවා කියලා. මෙතැන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. රජයේ සේවකයන් එහෙම හෑල්ලු කිරීම අන්තිම අසාධාරණයි.
ඇමති නලින්ද ජයතිස්ස කිව්වා මඩ සෝදාගත් කල සිහසුනට යන්නේ වංශවත් කුලවල ගොවීන් විතරයි කියලා?
පිළිතුර - ඒක අන්තිම සවුත්තු කතාවක්. එතුමා උපුටා දැක්වීමකුත් කළා. එදා හෙළදිව පොතෙන් ගත්තේ කියලා. මම නම් ඒ පොත කියවලා නෑ. ඒ පොතේ මොකක් තිබුණත් ගොවියාට ලොකු වටිනාකමක් ලැබුණු කියමනක් තමයි ‘“මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි” කියන කාරණය. ඒ ගොවියාගේ කුලය ගැන අවධානය යොමු කළේ නෑ. ගොවිකම රජකම හා සමානයි කියලයි කිව්වේ. ඒ ගොවියාගේ කුලය ඉස්මතු කරලා කතා කිරීම අන්තිම ගෝත්‍රික වැඩක්. පොහොසත් රටක්- ලස්සන ජීවිතයක් හදන්න යන්නේ ඔය විදියටනම් මට කියන්න වෙන්නේ අබ සරණයි කියලයි.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd