ජනපති නියෝගය ප්‍රකාශයට පත් කර සති දෙකයි
(අජන්ත කුමාර අගලකඩ)
ජාතික තව්හිත් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන දෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ මේ වන විට සති දෙකක පමණ කාලයක් ගතවී ඇතත්, ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් වී නැතැයි වාර්තා වේ.
ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා කිතුනු දේවස්ථාන තුනකට සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනකට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරවලින් පසුව 2019 අංක 1 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 27 වැනි දින එම සංවිධාන දෙක ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.
එම තහනමට අනුව අදාළ සංවිධානවලට අයත් නිශ්චල හා චංචල දේපල මෙන්ම, ක්‍රියාකාරකම් ද රජය විසින් අත්හිටැවෙනු ඇත.
ජනාධිපතිවරයා විසින් පනවනු ලැබූ එම තහනමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබිය යුතු වේ. මෙම සංවිධාන දෙක පමණක් නොව මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කරන බව ජනාධිපති කාර්යාලය ඉකුත් දා නිවේදනය කර තිබිණි.
එසේ වුවද තහනමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් වී නැති බව වාර්තා වේ. ජාතික තව්හිත් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන දෙකට අමතරව තවත් අන්තවාදී සංවිධාන කිහිපයක් ද තහනම් කළ යුතුව ඇති බව ආරක්ෂක අංශ විසින් පෙන්වා දී ඇති බැවින්, ඒවා ද ඇතුළත් කර ගැසට් නිවේදනය නිකුත් කරන තෙක් ඉහත සංවිධාන දෙකේ තහනමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම පමා වී ඇතැයි ද රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
2025 දෙසැම්බර් මස 04
19
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජමාත් කල්ලි දෙක තහනම් කළ ගැසට් නිවේදනය තවමත් නෑ