(අජන්ත කුමාර අගලකඩ)
කොල්ලුපිටිය හා කොළඹ වරාය නගරය යාකරමින් ගාලු මුවදොර හරහා උමං මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි මහනගර සහ බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වන එම උමං මාර්ගය, කොටුව චෛත්‍ය දක්වා ගමන් කරන බව කී ඇමැති රණවක මහතා කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ගාලුපාර, අධිවේගී මාර්ග පද්ධතිය හා වරාය නගරය එකට සම්බන්ධ වනසේ ඉදිවන බව ද කීවේය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ මුදලක් වැය වන මෙම ව්‍යාපෘතිය පෞද්ගලික අංශයේ ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වන බවත්. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එහි සම්බන්ධිකරණ කටයුතු සිදුකරන බවත්, ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද හදිසියකදී චීනයටවත් පැනගන්න පුළුවන් කියල හිතුනද?