(අජන්ත කුමාර අගලකඩ)
අයවැය දෙවන වර කියවීමේ ඡන්දය විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටිය ද, ලබන මස 5 වැනිදා පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සමග එක්ව අයවැයට විරුද්ධව ඡන්දය දීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉකුත් අඟහරුවාදා පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අයවැයට විරුද්ධව ඡන්දය දීමට ඒකමතික තීරණයක් ගෙන තිබිය දී එදින සවස ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටීම නිසා, දෙපාර්ශ්වය අතර ගොඩනැගෙමින් තිබෙන සමගියට ද එය යම් බලපෑමක් එල්ල කර තිබිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා ආරම්භ වී තිබිය දී ශ්‍රීලනිපය අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය විමසීමේදී වෙනත් තීරණයක් ගැනීම එම සාකච්ඡාවලට ද බාධාවක් විය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග එක්ව ලබන 5 වැනිදා පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය විමසීමේ දී අයවැයට විරුද්ධව ඡන්දය දෙනු ඇතැයි එම ආරංචිමාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැයේදී විරුද්ධ වෙන්න ශ්‍රීලනිප - පොහොට්ටු යළි සාකච්ඡා