(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවත් තමන්ට ඔවුන්ගේ සහය ලැබෙනු ඇතැයි විශ්වාසකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.
නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවත්වන සාකච්ඡා මාලාවේ අටවැනි සාකච්ඡාව කොළඹ -07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (06) පස්වරුවේදී පැවැත්විණ.
පළමුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව අද පස්වරු 2.30ට පමණ ආරම්භ විය. පැය එකහමාරකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවැති අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහභාගිවූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගි වූහ.
එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර සාකච්ඡාව ආරම්භ වූහ.
පැයකට අධික කාලයක් පැවැති එම සාකච්ඡාව අවසන්වීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්ව සාකච්ඡාවල යම් ප‍්‍රගතියක් තිබෙන බවයි.
ඒ අනුව අපේ පක්‍ෂයේ අනන්‍යතාවය ආරක්‍ෂාකරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවෙන්න අපි උපරිම උත්සාහ දරන බව කී අමරවීම මහතා රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවද කීය.
විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදි ප‍්‍රතිපත්තිගරුකව රට පාලනය කිරීම, පිරිසිදු පාලනයක් ගෙනයාම පිළිබඳව ඔහු අපගෙන් අදහස් ලබාගත් බව කී අමරවීර මහතා මෙම සාකච්ඡාවේදි එකඟ වූ කරුණු පිළිබදව පක්‍ෂයට දැනුම්දීල ඔවුන්ගේ අදහස් ලබාගෙන ලබන සතියේදී ඊළඟ සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙන බවද පැවැසීය.
එමෙන්ම යම් ආකාරයකින් මෙම සාකච්ඡා බිඳවැටුනොත් ගතයුතු ක‍්‍රියාමාර්ගයක් තිබිය යුතු බැවින් ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවට පක්‍ෂයේ මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවද කීය. එහෙත් අපි අපේක්‍ෂකයකු ඉදිරිපත්කරන බවක් ඉන් නොකියවෙන බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තම පක්‍ෂයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් තිබෙන ප‍්‍රශ්න පිළිබඳව පාර්ශ්ව දෙකම හොඳ අවබෝධයකින් පසුවන බවය.
ඒ අනුව එක්වීම සඳහා දෙපාර්ශ්වයටම යම් යම් කැපකිරීම් සිදුකිරීමට සිදුවන බවද කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්‍ෂය පරාජයට පත්කිරීම පක්‍ෂ දෙකේම අරමුණ විය යුතුබවය.
ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ පදයක් සොයනවා විනා සමාන පදයක් සෙවිය යුතු නැති බවය. ඒ අනුව මෙම සාකච්ඡා දෙස සුභවාදීව බලන බවද මන්තී‍්‍රවරයා කිය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ දෙගොල්ලෝ කතා වෙලා තියෙන්නේ පක්ෂ දෙක එකතුවෙලා. රටට, ජනතාවට සෙත සලසන නායකයෙක් ඉදිරිපත් කරනවා වෙනුවට, එක්සත් ජාතික පක්ෂය පරද්දවන්න... කතා කරන් තියෙන්නේ... පැය 2ක කාලයක් තුළ, අනේ මෙහෙමත් හරක්.., පරද්දවන්න දැන් වුණත් පුළුවන්. දූෂණ නඩුවලට පෙනී සිටලා අපි සුදනෝ කියන්න... ඇයි නඩුවලට පෙනී නොසිටින්නේ, සිතාසි ඉදිරිපත් කරමින්, දැන් ඉඳලා ඉවරයි ඡන්දෙ ඉවර වෙනකම්, සුදු වෑන් වලින් පරිස්සම් වෙන්න වෙයි. අධිකරණ ඇමැතිත් කියනවද? ගෝඨා හොඳයි කියලා.. එහෙම වුනොත්, එයාට නඩුකාර තනතුර ලැබුනේ අපායෙන් වෙන්න ඇති.. මෛත්‍රි තවම ගුවන්විදුලි වහගෙන වෙන්න ඇති, මේ කතාව තවම දන්නේ නැත්තේ..
එතකොට අර සෙල්ෆ් ජනාධිපති අපේක්ෂකයාට මොකද වෙන්නේ?
ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවට පක්‍ෂයේ මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවද, එහෙත් අපි අපේක්‍ෂකයකු ඉදිරිපත්කරන බවක් ඉන් නොකියවෙන බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. (උ.ගැ.) පිළිගන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ කියල කවුදෝ කිව්වලු...
"පක්‍ෂයේ අනන්‍යතාවය ආරක්‍ෂාකර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවෙන්න අපි උපරිම උත්සාහ දරන බව කී අමරවීර මහතා රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවද කිවේය. "මේක කෙරෙන දීගයක් නෙවේනේ මහත්තයෝ. පොදුජන පෙරමුණ දැනටමත් අපේක්ෂකයා තෝරාගෙන ඉවරයි. ඉතින් ඇයි මේ වහෙන් ඔරෝ කතා කියකියා කොලේ වහලා ගහන්න දඟලන්නේ. ඒ වගේම ගෝඨාභය මහත්තයටයි, එතුමා වටේට ඉඳගෙන ඔය "වොයිස් කට්" දෙන කට්ටියටයි තියෙන නඩු කන්දරාව ගැන හිතනකොට "ප්‍රතිපත්තිගරුකව රට පාලනය කිරීම සහ පිරිසිදු පාලනයක් ගෙනයාම පිළිබඳව උපදෙස් දෙන්න කියලා ඉල්ලුවේ " කලිසමකුත් ඇඳගෙනද" කියලයි අහන්න තිබුනේ මහත්තයෝ...
ඒ කියන්නේ ගහ මරාගත්තේ නැතිද?
සාකච්ඡාව ඇරඹෙයි. "අපි එකතුවෙලා මේ හොරු ටික එලවලා දාමු නේද?", "ඔව්, ඔව්, අපි එහෙම කරමු.", මොවුන්ට බැරිවෙච්ච හරියත් අල්ලලා අපි සංවර්ධනේ වෙමු නේද?", ඔව් ඔව්, අපි එහෙම එකතු වෙලා සංවර්ධනේ වෙමු", "එකතු නූනොත් මුන් එලවාගන්න බැරිවෙයි නේද? ඔව් ඔව් අපි එකතුවෙලා මුන් එලවලා සංවර්ධනේ වෙමු", අපරාදේ අපි පැය එකහමාරක් නාස්ති කලේ නේද". "නෑ නෑ, අපි රට, ජාතිය, ආගම, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන්නේ එහෙම පැය එක හමාරක් හරි නාස්ති කලේ", සාකච්ඡාව අවසන් වෙයි. සභාව සතුටින් විසිරයයි.
8 පාරක් සාකච්චා කරලා? ඒ වුණාට පොහොට්ටුවෝ එජාපයේ ඇසේ තිබෙන කෙන්ද හොයනවා තමන්ගේ ඇසේ පොල් පරාලයක් තියාගෙන. අපි කියනවා පොහොට්ටුවන්ට මීට පසුව මාධ්‍ය සමුළු නොතියා තමන්ගේ ඇසේ තිබෙන ඔය පොල්පරාලය ගලවා ගන්නකන් රෙද්දක් පොරවාගෙන හොඳට නිදාගන්න කියලා.
ගෝඨාභය නීතිගරුක සමාජයක් ගොඩනගන්න සාකච්ඡා කරනවා කිව්වම මම හිතනවා මේ දකින්නේ හීනයක්ද කියා? කඩුහොරකමට අසුවූ මංජු ශ්‍රී නමැති සාටකවාදී පුද්ගලයා ඔවුන්ට විරුද්ධ වෙලා සියලු සත්‍ය හෙළිකරනවා කියා සාක්ෂි දීමට පෙළඹුණු විට ඔහු සොයා බන්ධනාගාරයට ඇතුළු වූ සාටක හමුදාවට විරුද්ධව බන්ධනාගාර ජේලර්වරුන් විරෝධය දැක්වූ විට මේක ආරක්ෂක ලේකම්ගේ ඕඩරයක් කියන දෝංකාරය මුළු බන්ධනාගාරයේම ඇසුණාලු. ඊට පසුව ඔහු ඇතුළු 27 ක් ඝාතනය කරනු ලැබුවා. ගෝඨා මොනවගෙන් ගැලවුනත් මේ සිද්ධියෙන් ගැලවීම බොරු...
මම නම් පතන්නේ ඔය සාකච්ඡා අසාර්ථකම වේවා කියලයි...
අන්න 73 මන්ත්‍රී මහල්ලෙක් නැතිවුණා.. මේ 70 ලෙඩ මහල්ලා ගැණත් මහන්සිවෙන එක තේරුමක් නැති වැඩක්..
ලංකාවේ තියන නඩු ටිකයි, ඇමරිකාවේ තියෙන නඩු ටිකයි දැන්මම ඉදිරිපත්වෙලා විසඳාගත්තොත් නරකද?
‘‘ශ්‍රීලනිපය සමඟ පැවැත් වූ සාකච්ඡාව අසාර්ථකව අවසන් වුණා‘‘ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසින් ඉතා පිරිසිදුව පංචමහ බලවේගයක් එක්කර සෑදු නිර්මල පක්ෂයක් අන්ත දූෂිතයන් පිරිවරා ගත්තු පොහොට්ටුවකට පෑහෙන්න සොබාදහම පවා ඉඩ නොදෙන්නේය...
කට ඇරියොත් ගල් පැලෙන පචමයි සාටකලා කියන්නේ... සිරිසේන ජනාධිපතිතුමා හෝ වෙල්ගම මැතිතුමා ජනාධිපති කමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරනවා..!!!
ඔන්න දැන් ඕනෑනම් පුළුවනි කෙවිටක් ගෙන සාටකයින්ගේ කරට නැගලා ජුහ් ජුහ් කියලා අශ්වයන් පදවන්න.. පේනවා නේද ඡන්දෙ කඩාගන්න ඇදබාන බේගල්...?
මොනපාට වෑන් එකකින්ද සාකච්ඡාවට ආවේ..?
රටේ නායකයා තීන්දු කරන්න නෙවෙයි. ජනතාව නියම සුදුස්සා තෝරලා කතිරේ ගැසූ ජනතාව ගොනාට අනදවන්න දැන් ලේසි නැහැ.