IMG-LOGO

’විජිත හේරත් කියනවා වගේ අපි අනුරට සහාය දක්වා නැහැ’

(එෆ්.අස්ලම්)

ජාතික ජනතා බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට තම සහාය පලකර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත සාවධ්‍ය ප්‍රකාශයක් යැයි දෙමළ ජාතික සන්ධානයේ ප්ලොට් හා ටෙලෝ පක්ෂ අවධාරණය කර සිටීයි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ වශයෙන් පෞද්ගලිකව සියළුම ප්‍රධාන පක්ෂවල ජනපති අපේක්ෂකයින් හමුවූ බවත් මේ තාක් කිසිදු අපේක්ෂකයකුට සහාය පල කර නැති බවත් දෙමළ ජාතික සන්ධානය වශයෙන් දෙමළ ජනතාවගේ ගැටළු විසදීම කෙරෙහි උනන්දුවක් විශ්වාසයක් දක්වන අපේක්ෂකයකු හට සහාය දක්වනු ඇති බවත් ප්ලොට් හා ටෙලෝ පක්ෂවල නායකයින් සදහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පසුගියදා කොළඹ දී කැඳවූ මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ ද්විත්වයම ජාතික ජනතා බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සහාය දක්වා ඇති බවට කළ ප්‍රකාශය පිළිබඳ කරන ලද අද (13) විමසුමකදී මොවූහු මේ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය වෙත වැඩිදුරටත් සඳහන් කරමින් ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාථන් මහතා මෙසේ කියා සිටියේය.

අපි දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වශයෙන් ප්ලොට් සංවිධානය ගෝඨාභය රාජපක්ෂ,සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ යන ජනපතිවරණ අපේක්ෂකයින් සහ දේශපාලන නායකයින් හමුවුණා. අපි අපේ දෙමළ ජනතාවගේ ගැටළු ඉල්ලීම් සහ ඔවුන්ගේ අවශ්‍යතා ගැන ඒ අපේක්ෂකයින් සමඟ සාකච්ඡා කළා. ඒත් මේ වෙනකල් සහාය ලබා දෙන්නෙ කාටද කියල අපි තීරණයක් අරගෙන නැහැ. අපි ඒ සාකච්ඡා ගැන අපේ අවසන් තීරණය ගැනීම සඳහා රැස්වන දෙමළ ජාතික සන්ධාන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කතා කරනවා.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සියළු පක්ෂවල එකඟත්වය පරිදි දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුම් දෙන බවට විශ්වාස කළ හැකි ජනාධිපති අපේක්ෂකයා හට සහාය හිමිවනු ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසන පරිදි අනුර කුමාර දිසානායකට් අපි නිල නොවන මට්ටමින් හෝ සහාය පලකරල නැහැ යැයිද කියා සිටියේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රකාශය පිළිබද ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා මෙසේ සඳහන් කළේය.

අපි පාර්ලිමේන්තු දිනවල දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ පිරිවරත් හමුවෙලා රටේ දේශපාලන තත්වය ගැන සහ ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කළා. එය නිල සාකච්ඡාවක් නෙවෙයි.ඒ වගේ කොච්චර මන්ත්‍රීවරුන් හමුවෙනවද. විජිත හේරත් ටෙලෝ හා ප්ලොට් පක්ෂ අනුර කුමාරගේ නායකත්වයට සහාය පලකලා කියල කියන්නේ දේශපාලන වාසියක් ගන්නයි. අපි එහෙම කිසිම අපේක්ෂකයෙක්ට සහාය  පළ කරලා නෑ. අපේ අන්තිම තීරණය දෙමළ ජාතික සන්ධානයේ පොදු තීරණය වශයෙන් ප්‍රකාශ කරනවා.



අදහස් (7)

’විජිත හේරත් කියනවා වගේ අපි අනුරට සහාය දක්වා නැහැ’

samanwimala Sunday, 13 October 2019 06:13 AM

ජවිපේ උපතේ සිටම් බොරු කරන පක්ෂයක්. අනුර කුමාරගේ අයර්ලන්තයේ දේපල පිලිබදව රූපවාහිනි වැඩසටහනකදී බොරු ලියවිල්ලක් පෙන්වා සිටියා. වාසනාවකට එතැන් සිටි අනෙක් කථිකයා ඊට අහියෝගයක් එල්ල කලේ නැහැ.ඒ විජිත හේරත්.අනුර කුමාර පක්ෂ සම්මේලනයකට යනවා කියලා එම ගමන ගියේ පක්ෂ අරමුදලින්මයි. හැබැයි ගියේ අතිශය පුද්ගලික ගමනක් .ගුවන් තොටුපළේදී අහම්බෙන් මුණ ගැසුන පැරණි ජවිපෙ සාමාජිකයෙක් නිසා මෙය එලි උනා.

:       407       489

SamanSunday, 13 October 2019 06:54 AM

ඔහුගේ කතාවේ කොතැනවත් ජවිපෙට මොවුන්ගේ සහය ලැබෙන බව තහවුරු කරේ නෑ. ඔහු කිව්වේ සාකච්ඡා පවත්වන්නට බලාපොරොත්තු වන බව පමණයි. හරිදේ හරියට තේරුම් අරන් ඉමු. සම්පුර්ණ කතාව බලලා කමෙන්ට් කරන්න.

:       83       108

ශ්‍රීSunday, 13 October 2019 08:08 AM

කොණක් අහූවුණාම ඔහේ දොඩවනවා. මහත්තයා කුහකකම අත හැර සම්පූර්ණ වීඩියෝව බලන්න.

:       62       54

samanwimalaSunday, 13 October 2019 09:44 AM

ඔහුගේ කියමන් කෙසේ වෙතත් ඔබලා මා විසින් කියන ලද කාරණයේ සත්‍ය අසත්‍ය බව සොයා දැනගන්නේ නම් මැනවි.

:       0       0

sameeraSunday, 13 October 2019 10:27 AM

ඔයා පචවංස නේද?

:       1       0

Sena Sunday, 13 October 2019 09:04 AM

විජිතගේ කතාවටනම් කිසිම ප්‍රචාරයක් තිබුනේ නැත. නමුත් නැත කියපු ප්‍රකාශය ලොකු නෙව්ස් එකක්. හරි පුදුමෙයි නේද

:       0       0

Bamunuarachchi Sunday, 13 October 2019 12:39 PM

හරියට හරි දෙන්න එපා ජෙප්පොන්ට. සජිත් දිහා හැරිලාවත් බලන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site