IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහනුවර ජනතාව ඇමතිට නිසි පිළිතුරු නොදුන්නොත් ඔවුන් මෝඩයින් වෙනවා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

අපගේම ඇමතිවරයෙක් 2011ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම ගැන කළ ප්‍රකාශය  අනුමත නොකරන අතර මහනුවර ජනතාව ඇමතිවරයාට නිසි පිළිතුරු නොදුන්නොත්  ඔවුන්  මෝඩයන් සේ සැලකීමට සිදුවන බව දිවුලපිටිය ප්‍රාදේශීය  සභා මන්ත්‍රී  ජයලත් නන්දන ප්‍රනාන්දු මහතා ( පොදුජන පෙරමුණ ) අද(14) පැවසීය.

වැඩ බලන සභාපති  ඉන්දික ජයසිංහ මහතාගේ  (පො.ජ.පෙ.) ප්‍රධානත්වයෙන් පැවති  මාසික සභා රැස්වීමේදී අදහස් දැක්වූ  නන්දන මහතා බෝලයක්වත් අතින් අල්ලා නැති පුද්ගලයෙක් කරන කතා හෙළා දකින බවද කීය.

'ක්‍රිකට් ක්‍රීඩාවට මෙයින් කලු පැල්ලමක් ඇති කලා. ක්‍රිකට් කණ්ඩායමට මගේ කනගාටුව පළකරනවා. සංගක්කාර කවුද කියා මම හොඳින් දන්නවා. ඔහු වරදක් වුණාම නිහතමානීව පිළිගන්න පුද්ගලයෙක්. ක්‍රීඩකයින් වුවමනාවෙන් පාවා දීම් කරන්නේ නැහැ. කරුණාට දොර අරින්න ගියත් සංගාට එහෙමවුණේ නැහැ. ඒ වගේම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා  අගරදගුතුමන්  ගැන කළ ප්‍රකාශයත් අනුමත කරන්නේ නැහැ' යැයිද නන්දන මහතා සඳහන් කළේය.



අදහස් (1)

මහනුවර ජනතාව ඇමතිට නිසි පිළිතුරු නොදුන්නොත් ඔවුන් මෝඩයින් වෙනවා

Bamunuarachchi Thursday, 16 July 2020 05:35 AM

මොහු තේරුම්ගත යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවයි, දේශපාලනයයි දෙකක් බව ජනතාව දන්න බව... මෙයා මෝඩ වුණාට ජනතාව මෝඩ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site