
(අංජුල මහික වීරරත්න)
කතෝලික සභාව සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන්ගේ සම සහාපතිත්වයෙන් මෙය පැවැත්විණි.
රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය සඳහා ගුරු කාර්යය මණ්ඩල ක්‍රමවේදයක් සකස් කිරීම, ගුරු වෘත්තීය සඳහා කතෝලික පූජක සොහොයුරියන් සහ පියතුමන්ලා බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙන්ම රජයට පවරා ගත් කතෝලික පාසල්වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
කතෝලික සභාව සමඟ පවත්වන සාකච්ඡා වසරකට තෙවරක් පැවැත්වීමට සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා එහි ලේකම් ලෙස කටයුතු කිරීමටත් මෙහිදී තීරණය විය.
මෙම සාකච්ඡාව ලබා දීම පිළිබඳව කතෝලික සභාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය ස්තූතිය ප්‍රකාශ කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවසූහ.
කිසිදු භේදයකින් තොරව සියලුම සිසුන්ට තමාගේ ආගම ඉගෙනීමට තිබෙන අවස්ථාව තහවුරු කිරීම අපේක්ෂාව බවත්, අධ්‍යාපන කේෂ්ත්‍රයේ ඇතිව තිබෙන තත්ත්ව නිරාකරණය කර ගත යුතු බවත් කාදිනල් තුමෝ පෙන්වා දුන්හ.
හැරල්ඩ් ඇන්තනී පෙරේරා, ක්‍රිස්ටි නොයෙල් එම්මානුවෙල්,ඇන්ටන් රංජිත්,විමල් සිරි ජයසූරිය රදගුරු තුමන්ලා ඇතුළු කතෝලික සභාවේ සාමාජික පියතුමන්ලා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd