
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩාවැටීම ආරම්භවීමත් සමග විදේශ විනිමය අනුපාතය රටක ආර්ථිකය, ප්‍රගතිය සහ සියලුම දේ මනින එකම නිර්ණායකය ලෙස සාවද්‍ය තොරතුරු සමාජගතවීමත් සමග ඉන් ක්ෂේත්රයේ නිරතවී සිටින පාර්ශ්ව මෙන්ම සාමාන්‍ය ජනතාවද කලබලයට, බියට පත්වූ බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඇතැම් පාර්ශ්ව වත්මන් තත්වය ආර්ථික අර්බුදය පැවැති 2022 වසරට සමාන කිරීමට උත්සාහ දැරූ බවත් එහිදී 2022 වසරේ ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් වර්තමානයේද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 370 දක්වා ඉහළ ගියපසු රට කඩා වැටෙනු ඇතැයි න්‍යායක් ගොඩනැගීමට එම පාර්ශ්ව උත්සාහ දැරූ බවත් ඔහු පැවැසුවේය.
නමුත් 2022 වසරේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීමත් වර්තමානයේ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීමත් අහසට පොළොව වැනි එකිනෙකට හාත් පසින්ම වෙනස් කාරණා දෙකක් බව ජයන්ත මහතා ප්‍රකාශ කළේය. අවස්ථා දෙකේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවද ඔහු සඳහන් කළේය .
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2022 වසරේදී රුපියල කඩා වැටුණේ රට බංකොළොත් වීම හේතුවෙන් බවත් නමුත් මෙවර රුපියල කඩා වැටීමට හේතුව වුයේ මැද පෙරදිග අර්බුදය ක්ෂණික ප්‍රතිඵල මත ඇතිවූ ගෝලීය තත්වයන් බවද ඔහු ප්‍රකාශ කළේය.
මැද පෙරදිග අර්බුදය හේතුවෙන් තෙල් මිල ඉහළ ගිය බවත් තෙල් මිල ඉහළ ගිය විට තෙල් ආනයනය නතරකර දැමීමට හැකියාවක් නොමැති බවද ඔහු පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මෙතන මොන බොරු පම්පෝරි ගැහුවත්, ලංකාවේ රුපියලට සාපේක්ෂව ලෝකයේ කිසිම රටක මුදල් ඒකකයක් අවප්‍රමාණය වී නැහැ. හැබැයි ඉතින් ඔය කියන රුපියලම ඩොලරයට සාපේක්ෂව ඉහළ අගයක් ගත්ත කියලා මේ රටේ "සාමාන්‍ය පුරවැසියන්ට" රුපියලක වත් සෙතක් සැලසුණා කියලා කාට හෝ කට ඇරලා කියන්න පුළුවන්ද..? කුමන රජයක් පැවතියත්, මේක හොර තක්කඩින්ගේ පාරාදීසයක්.. වාහන ඇතුළු අනෙකුත් භාණ්ඩ ආනයනය කරන කුප්‍රකට ව්‍යාපාරිකයන්, තක්කඩි දේශපාලකයින් කිහිපදෙනෙක්, හා අමන පූජක රැලක එකමුතුවකින් තමයි මේ රට පාලනය වන්නේ... නීතිය බල්ලට ගිය රටක, කුමන, ක්ෂේත්රයක වුවද, බලය ඇතුළු හිතවත් කම් තියනවා නම් මොනවද මේ රටේ කරන්න බැරි...? මම නම් හිතන්නේ ලංකාවේ එවුන් හොරකමට දක්ෂ වුණාට, මේ රට නම් හදන්න බැහැ මේ කපේට... මේ රට වෙනත් ප්‍රබල ජාතියකට දීලා පස්ස පැත්තේ අත පියාගෙන, පිටරටකට ගිහින් එහෙ කීයක් හරි හම්බ කරන කාලා, ඒ රටවල් වලට ගැලපෙන ලෙස ඉදලා සතුටින් ජීවත් වෙයල්ලා.. වාසනාවකට සුද්දෝ එදා මේ රටට පය නොතිබ්බා නම්, අපි තවමත් මිනීකන්නන්ගේ දේශයේ ගෝත්‍රික වැද්දෝ...
ඉස්කෝලෙ ගිය නැති එවුන් කලබල උනාට අපි කලබල නෑ අපි දන්නවා ඇත්ත මොකක්ද කියලා...
ජේවීපී කාරයො කතා කරන්නේ කටින්ද? මුං ඉස්සර කෑ ගැහුවා රුපියල අවප්‍රමාණය උනාම. මේවා හරි කියන කෙනෙක් ඉන්නවා නම් ඔහුත් ඩෝබියෙක් තමයි.
රුපියල් වැටුණා නම් අහුලගන්නයි තියෙන්නේ. මොකට කලබල වෙනවද? මිනිස්සු වැටුණොත් තමයි කලබල වෙන්න ඕන.