
(සුජිත් හේවාජුලිගේ)
ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර අැත
කථානායකවරයා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (22) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා අැත
මෙහිදී ඔවුන් කථානායකවරයා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.
"රුපියල දැඩි පීඩනයකට ලක්ව ඇත. අපට පැහැදිලි පිළිතුරු හෝ සැලසුම් නොමැත. අද අනෙකුත් පක්ෂ නායකයින් සමග එක්ව කථානායකවරයා හමුවී පවතින අර්බුදය පිළිබඳ හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියෙමු. තත්ත්වය නරක අතට හැරීමට පෙර ජනතාවට අවංක සහ ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය වෙයි."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අපට පැහැදිලි පිළිතුරු හෝ සැලසුම් නොමැත." - සජිත් ප්‍රේමදාස කියයි. සහතික ඇත්ත කියල තියෙන්නේ.
කාලේ කා දමමින් විවාද කළාම විතරක් ඇද්ද? මේ වගේ වැඩකට නැති අපතයෝ ඉන්න විපක්ෂයක් ලෝකෙම නැතුව ඇති.ලෝකෙම අර්බුදයකට පත්වෙලා තියෙන වෙලාවේ දේසපාලන වාසි ගන්ඩ හදනවා.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කරපු ,දායක වෙච්ච් දුශිත දේසපාලුවෝ කරපු හරිය ගැන කවර කතාද?