
(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා අද (25) දිනයෙත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සංචාරකයෝ විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටිහ.
නුවරඑලිය මහ නගර සභාව සංවිධානය කර ඇති වසන්ත සැණකෙලියට සහභාගීවීමට මෙම පිරිස් පැමිණ සිටියහ.
නුවරඑලිය ග්‍රෙගරි වැව අසන්නයේ 4 X 4 ජිප් රථ තරගාවලිය පැවති අතර, එම තරගාවලිය නැරඹිමටද විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටිය අතර එසෙ පැමිණි සංචාරකයන් විශාල පිරිසක් සෞඛ්‍යය උපදෙස් නොපිලිපදිමින් විනෝද වන අයුරු දක්නට ලැබුණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ බත් කන හරක් තමයි ඔය.කාට කියන්නද?.පිටරට සිට එන අයට තමයි හැම නීතියක්ම..ඔය අය වැස්සකටවත් පාසලකට ගොඩ වුණ අය නොවෙයි .
මොවුන්ට කොවිඩ් වැළඳී තිබුනොත් කෙලින්ම මෝචරියට යවන්න. මොවුන් නිසා රෝහල් පිරවීම අසාධාරණයක්.
ඔය ඇවිත් ඉන්නේ ජිවිත ආශාව ඇතැරපු අය.
මට හිතෙන විදියට ඉදිරි සති දෙකට පෙර සහ අද වැටි වී තිබෙන තත්තවය මතක් වුනා. ඒහෙත් ජනතාව නිරෝධායන නීති මායිම් නොකර හිටපු සති සහ අද ඉන්න දුක්ඛිත තත්වය මතක් වුනා
මේ එක් අයෙකටවත් නුවරඑලියෙන් පිටවෙන්න නොදී නිරෝධායනය කල යුතුයි. රටේ අනෙක් ජනතාවගේ ආරක්ෂාව තකා.
කොරෝනාවට වගේම මෝඩ කමටත් බෙහෙත් නැහැ
තමන්ට මොලේ නැති වුණාම අඩු තරමට තව කෙනෙක් දෙයක් අහන්න ඕනේ. මෙච්චර ටිවි එකේ, පත්තර වල කීවා මේ යන අයට මොලේ කලදක් ඇත්ද. අන්තිමට ආණ්ඩුවට බනිනවා. ආන්ඩුව ගැන ප්‍රබොධයක් නෑ. නමුත් මේ අවස්තාවේ ආන්ඩුව මොනා කරන්නද. විනයක් නැති ජාතියක් වුණ නිසයි මේ ඔක්කොම. මේ අය නිසා ගෙවල් වලට වෙලා ඉන්න අපිත් අනතුරේ.
රජයක් තියෙන්නේ රට පාලනය කරන්න ඒහෙත් රජය කරන්නේ එය නොව මහජනයාගේ කට පාලනය කිරිමයි
කොරෝනාට බෙහෙතක් හොයාගත්තත් මේ අයගේ අනුවණ කමට බෙහෙතක් නම් කිසිදාක හොයා ගන්න වෙන්නේ නෑ. මෙවන් තත්වයක් උඩ රටේ කොරෝනා රෝගීන් වැඩි වුවහොත් ඒකටත් වන්දි ගෙවන්න වෙන්නේ ලංකාවට එන්න බලාගෙන ඉන්න විදෙස් ශ්‍රමිකයින්ටයි.
මේක නවත්වන්න පොලිසියටවත් බැරිද? රිෂාඩ්ව අල්ලන්න පාන්දර 03ට යන්න පුළුවන්... සර් තමයි හොඳට කරලා තියෙන්නේ...
කෝ අර ලෝක වාර්තා තියන්න ගිය.. ටීඩී නලු කාර්යසාධක හමුදා? දැන් ත්‍රිවිධ හමුදාවත් කැඳවලා තියෙන්නේ... නෑ නෑ මේ කිසිවක් නොවේ... නීති නවලා හැටි දැකලා දැන් මහජනතාව නීති සතේකට මායිම් කරන්නේ නැහැ...
අපේ රටත් ඉන්දියාව වගේ වෙනවා නොඅනුමානයි. බත්මුට්ටි වගේ ඔලු තිබුණට වැඩක් නැහැ. ඒකේ හාල් ඇටයක් තරම්වත් මොලයක් නැතිනම්...
මොලේ උඩ ඉන්න මෝඩ, ආත්මාර්තකාමී මිනිසුන් ගැන කවර කතාද?
මොකද මේ තරග සහ උත්සව රජයට නතර කරන්න බැරි? නුවරඑළිය වෙන රටක්ද?
ජයවේවා..!!! කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... බයවෙන්න එපා. තමන්ගේ වැඩක් බලාගන්න.