(ඩයනා උදයංගනී)
කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු මීට සුළු මොහොතකට පෙර වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ.
ඔහු අරලියගහ මන්දිරයේ ආරක්‍ෂාවට යොදවා සිටි අයෙකු බවත්, රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවත් වාර්තා වේ.
වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලිසිය පවසයි.
මෙම සෙබළා වෙඩි තබාගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වරකාපොල අල්ගමල කන්දේගමල ගොඩයාකන්ද ප‍්‍රදේශයේ පදිංචිව සිටි දිල්රුක්ෂ අමරසිංහ නැමැති 30 හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල් වරයෙකි.
(ඡායාරූප - ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොහොන් ලකුණු නේද මේ අප්පා
අගමැතිතුමාට මුකුත් කරදරයක් කරන්න හැදුවද?
අපරාදේ වෙඩි උණ්ඩය
ඔහුට තදබල මානසික පීඩනයක් හෝ බලවත් සිත් වේදනා තිබෙන්නට ඇති. අනේ පව් ! මේ නිල ඇඳුමකට යටවී සිටියත් අප වගේම අයනේ. මොවුන්ගේ ප්‍රශ්න ගැටළු සොයා විසඳුම් ලබාදී ඔවුන් හොඳ මානසික තත්වයක් යටතේ ගිනි අවිය අතටදී සේවයේ යෙදවිය යුතුයි. මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමයි.
මරණයටත් දේශපාලන කතා කියන අයයි අපිට ඉන්නේ.
සි සි ට්වි දර්ශන නැතිද ? තොරතුරු පනත යටතේ ඉල්ලන්න පුලුවනිනේ දර්ශන.
මෙය මිනි මැරුමක් ලෙස උකහා දැක්වීමට එක්තරා දේශපාලඥයෙකු නැවත බලයට පත්කිරීමට උත්සාහ කරන කණ්ඩායමක් අන්තර් ජාලය හරහා ඉතාම පහත් අමන උත්සාහයක දී ඉන්නා බව පෙනෙන්නට තිබීම කෙතරම් කනගාටු දායකද? ඇත්ත වශයෙන්ම මේ උත්සාහය එම දේශපාලඥයාටත් කරන බලවත් නිගරුවක් ලෙසටයි අපි දකින්නේ.
රට පෙරට, ඔබතුමා ලංකාවේද ලංකාවෙන් පිටද ඉන්නේ ලංකාවේ අද තිබෙන විශාල ප්‍රශ්න රැසකට වග කියන්න ඕනේ දේශපාලනය කරන මහත්වරු නොවේද ? දේශපාලනය ඇත නොගැසූ එක සමාජ ආර්ථික ආගමික ස්ථානයක් ලංකාවේ තිබෙනවානම් පෙන්නලා දෙන්න බලන්න නුදුරේදීම මේ සියල්ල සියලු බලැති දෙවි විසින් අතුගා දමා ධර්මිශ්ඨයන් සැමදා පොලවේ ජීවත් වීමේ අයිතිය ලබාදේවි එතෙක් මේ දේශපාලනය කරන මහත්වරුන්ගේ කෙනෙහිලිකම් ඉවසමු....
අරලිය ගහ මැදුරේදී කියලයි, අරලිය ගහ මැදුර ඉදිිරිපිටයි කිව්වම ලොකු වෙනසක් තිබෙනවා?
මුණු පොතේ ආදර පටලැවිල්ලක් . කසාද බැඳපු කෙනෙක්
මේකත් මහින්දගේ වැඩක්...