
කුවේට් දේශයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් පිහිටුවාගන්නා ලද ශ්‍රී ලංකා සමාජ සේවා සංගමය විසින් සංවිධානය කරනු ලබන කුවේට් බක්මහා උදානය දෙවැනි වරටත් මෙම අප්‍රේල් මස 06 වැනිදා සිකුරාදා ෆාහිල් ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විශේෂයෙන්ම කුවේටයේ ශ්‍රී ලාංකික අවමංගල්‍යාධාර සමිතියේ අරමුදල තරකර ගැනීම පිණිස ආධාර ලබා ගැනීම අරමුණ කරගෙන පැවැත්වෙන මෙම බක්මහ උළෙලට කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය ද හිමිවෙයි.
ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ටෙලිනාට්‍ය ශිල්පීන් ද සහභාගී වෙන මෙම බක්මහ උළෙල සුපුරුදු ජාතික ක්‍රීඩා වලින් හැඩගැන්වෙන අතර ළමා තරග රැසකින්ද සමන්විත වේ. මේ සඳහා සහභාගී වෙන ලෙස කුවේට්හී සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සංවිධායක මණ්ඩලය සාදරයෙන් ඇරියුම් කරයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුවෙට් බක්මහා උදානය අප්‍රේල් 6 වැනිදා ෆාහිල් ක්‍රීඩාංගණයේදී