වලව මටියාවතේ සංවර්ධනය වෙමින් පවත්නා ගම්මානයක පදිංචි ඇය රූමත්ය. අවිවාහකය. ස්වයංරැකියාවක නියුතු ඇය එමගින් සාමාන්‍ය ආදායමක් ලබන්නීය. මවුපියෝ මඟුල්  කපුවකු මගින් ඇයට මංගල යෝජනාවක් ගෙනාහ. ඒ අනුව කඩවසම් තරුණයෙක් ඉකුත් දිනක ඇය බැලීමට ඇගේ නිවසට පැමිණියේය. දිවා භෝජනයෙන් පසු  මංගල යෝජනාව පිළිබඳ සාකච්ඡාව ආරම්භ විය. තරුණයාගේ පාර්ශවයෙන් පැමිණි පිරිස අතරේ සිටි මැදිවියේ අයෙක් මේ කතාබහ කරගෙන යන අතරේ මැදට පැන්නේය. දෑසම රතුව තිබු ඔහුට එක ඉරියව්වකින් තත්පර කීපයක්වත් සිටගෙන සිටීමට නොහැකිව වැනෙන්නට විය. ඔහු ගොත ගසමින් කතාව ආරම්භ කළේය. ඕගොල්ලන්ට මේ පහළ වෙන්න යන්නේ නිධානයක්ය කියල හිතන්න. මේ ඉලන්දාරියා වෙන කවුරුවත් නෙවෙයි. මගේ ලොකු නංගිගේ බාල ඉලන්දාරියා. මෙයාගේ තාත්තා මැරුණේ වයස අවුරුදු හතලිස් දෙකේදී. මෙයාගේ ලොකු අයිය මැරෙනකොට  වයස අවුරුදු තිස් හයයි. අනිත් පුතා නැතිවෙන කොටත් අවුරුදු තිස් පහකට වඩා නෑ. මම හරිද ලොකු නංගී... ඔය තුන් දෙනාම නැතිවුනේ එකම ලෙඩෙන් පපුවේ අමාරුව හැදිලා. දැන් මේ තියෙන සියලූම දේපළ අයිති මේ පුතාට දැන් මේ ළමයගෙ වයස කීයද? තරුණියගේ නිවසේ සිටි කටකාර කාන්තාවක  ඇසුවාය. දැන් මෙයාට අවුරුදු තිහක් විතර වෙනවා. කතා කරමින් සිටි මැදිවියේ  තැනැත්තා කීවේය. ආ... එහෙනම් මෙයාටත් තව අවුරුදු පහ හයක් කල් තියෙනවා. කාන්තාව ගත් කටටම කීවාය. ඒ මංගල්‍ය එතනින්ම  අහවර වුනාලූ.