සබරගමුවේය. අසල්වැසියා ව්‍යාපාරිකයෙකි. බලාගෙන සිටියදී ඔහු දියුණුවෙයි. අල්ලපු ගෙදර මිනිහා අමු කුහකයෙකි. ව්‍යාපාරිකයාගේ දියුණුව ඔහුගේ ඇහේ ඇනෙන කටුවක් බඳුය. ඔහුට අදහසක් පහළ විය. කොඩිවිනයක් කළයුතු යැයි ඔහුගේ කූට්ටාලියෝද කීහ. ඒ ඔහුගෙන් අඩියක් ගැසීමටය. නැත්නම් තවත් වාසියක් සඳහාය. කට්ටඬියාද සොයාගත්තේය. වැඬේ කිරිගහටම ඇන්නා වාගේ කරදීමට රුපියල් 25,000ක් ඉල්ලා සිටියේය. දුම්මල, මල්, කපුරු, අහු ආදී කළමනාද සපයා ගන්නා ලෙස දැනුම් දුන්නේය. අත්තිකාරමක්ද ලැබිණි. කතිකා කරගත් පරිදි පසුගිය දිනක රාත‍්‍රියකදී කිසිවකුටත් නොදැනෙන පරිදි කොඩිවිනය ජීවම් කැරිණි. කොඩිවිනේ අවසන් කර කට්ටඬිරාල ගෙහිමියා අමතා මෙසේ පැවසීය. ”මම ජප කරපු කොඩිවිනේ තියෙන්නේ මෙන්න මේ සුරය ඇතුලේ. එය අසල්වැසියාගේ නිවෙසට ඇතූළු වෙන මුල්ම පඩිය යට වළදාන්න  ඕනි. තුන්වරුවක් ගෙවී ගියාට පස්සේ සුරය ගොඩඅරගෙන කට්ටකුමන්ජල් දුම් අල්ලා සුරය ගලවල බලන්න. සුරය ඇතුලේ ලියවිල්ලක් ඇති. ඒක කියවල බලල ඒ විදිහට කටයුතු කරන්න කියා ගෙහිමියාට උපදෙස් දී පොරොන්දු වූ ඇදුරා ඉතිරි මුදලත් රැගෙන ගමට ගියේය. කට්ටඬියාගේ උපදෙස් පරිදි තුන් වරුවක් ගෙවී ගිය පසු අසල්වැසියාගේ නිවෙසේ පඩිය යට වළ දමා තිබූ සුරය ගොඩගෙන කට්ටකුමන්ජල් දුම් අල්ලා ප‍්‍රවේසමෙන් සුරය ගලවා එහි තුළ වූ ලියවිල්ල අතට ගත් ගෙහිමියා එය කියවන්නට විය. කඩදාසි කොළයක ලියන ලද එම ලියවිල්ලේ මෙසේ සඳහන් විය. ”අනුන්ගේ දියුණුව ගැන ඊර්ෂ්‍යා කරන්න එපා. අවංකව, කැපවීමෙන් සහ උනන්දුවෙන් සියල්ලන්ගේම සිත් දිනාගෙන කරන වැඩක් හරියාකාරව කරන්න. එවිට තමන්ටත් දියුණුවෙන්න පුළුවන්. එහෙම නැතිව අනුන්ව විනාශ කරන්න කියල සිතාගෙන අපරාදේ සල්ලි වියදම් කරලා කොඩිවින, අනවින, හදි හූනියම් කරන්න යන්න එපා. එහෙම බලවේග දැන් කාලේ නැහැ. අපිටත් ජීවත් වෙන්න  ඕනි නිසා තමුසෙලා වගේ මෝඩ මිනිස්සුන්ට මේ වගේ දෙයක් නොකර සත්‍ය අවබෝධ කර දෙන්න බැහැ.” මෙය කියවා බැලූ ගෙහිමියාට ඉහමොළ රත්විය. කරන්නට  ඕනි දේ සිහියට එන්නේද නැත. රුපියල් 25,000ක් වැයකරල අනුන්ට කැපූ වළේ තමන්ම වැටුණු බව ඔහුට පසුව අවබෝධ විය.