IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වැඩි වැඩ කරන්න ගිහින් ඇදගෙන නාලා

ඔහු මුද්‍රණ සමාගමක සෝදුපත් බලන්නෙක් ලෙස සේවය කළ අයෙකි. විශ්‍රාම යාමෙන් පසු නිවසටවී සිටීම ඔහුට ඉතාමත් අසීරු විය. දිනක් ඔහුට අහම්බෙන් පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක, හඳුනන විධායක නිලධාරියෙක් මුණගැසිණි. “බොස්ලගේ සෙකියුරිටි සර්විස් එකට අපිව ගන්නේ නැද්ද? ගෙදර ඉඳලා දැන් මට ඇතිවෙලා” හෙතෙම පැවසීය.


එවිට  නිලධාරියා,“අංකල් හෙටම එන්න. අපිටත් කට්ටිය අඩුයි” යනුවෙන් පිළිතුරු දුනි. දවස් තුනක පුහුණුවකින් පසු ඔහු ආරක්‍ෂක නිලධාරියකු වශයෙන් ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ ආයතනයකට යෙදවිණි. එම ආයතනයට දිනපතා සිංහල පුවත්පත් තුන හතරක් මිලදී ගන්නා අතර කාටත් කලින් ඒවා බලා පිළිගැනීමේ නිලධාරිනිය පැමිණි පසු ඇයට බාරදීම ආරක්‍ෂක නිලධාරියාගේ සිරිත විය.


ඔහු සේවයට පැමිණ මසක් ගතවිය. පුවත් පතක වචනවල හෝ අකුරුවල අඩුපාඩු තිබුණහොත් ඒවා කළුපාට පෑනකින් නිවැරදි කිරීමට හෙතෙම පුරුදු විය. ආයතනයේ කිසිවෙකු එයට විරුද්ධත්වයක් දැක්වූයේ නැත.


 දීර්ඝ නිවාඩුවකින් පසු සේවයට පැමිණි උසස් නිලධාරියකු පුවත් පතක් කියවනවිට එහි වැරදි වචනයක් නිවැරදි කර තිබෙනු දැක “කව්ද මේ පත්තරේ බලි ඇන්දේ ?” විමසීය. ඔහුට දැනගන්නට ලැබුණේ ආරක්‍ෂක  නිලධාරියා එසේ කර ඇති බවය. පසුදින සිට  දක්නට ලැබුණේ නව ආරක්‍ෂක නිලධාරියෙකි.
 ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

වැඩි වැඩ කරන්න ගිහින් ඇදගෙන නාලා

සංජීව Thursday, 07 July 2016 11:33 PM

එ්කනේ ජයරත්න අපේ රට දියුණු නොවෙන්නේ. වරදක් නිවැරදි කිරීමත් වැරැද්දක්. ඇයි සිකුරිටිනේ වැරැද්ද හැදුවේ. ඒකයි (නි)

:       0       0

සුනිමල් Thursday, 07 July 2016 11:34 PM

මෝඩ නිලධාරියෙක් සහ භාෂා හිතෛෂිකයෙක්! (නි)

:       0       0

සංජීව Sunday, 10 July 2016 06:40 AM

ඒ කොම්පැනියේ පත්තරය ගන්නේ සේවකයින්ට බලන්න. සේවකයෝ කියන්නේ උසස් හෝ පහල නිල වල ඕනේ කෙනෙක්. අැයි සිකුරිටි අන්කල් පත්තරේ බැලුවම නරකද ? (බ)

:       0       0

ජයරත්න Thursday, 07 July 2016 01:58 PM

නිලධාරියගේ උගත්කම මැන ගන්න හොඳ සාධකයක් !(හේ)

:       0       0

ලක්ෂ්මන් Saturday, 09 July 2016 03:56 AM

ඔය කියන නිලධාරියා මොන කැම්පස් එකේද ? (ර)

:       0       0

අරුණ Saturday, 09 July 2016 04:47 AM

තැනට සුදුසු නුවන තිබිය යුතුයි. කමනිගේ පිළිතුර විතරයි නිවැරදි. (ර)

:       0       0

සරණපාල Friday, 08 July 2016 09:53 AM

කවුද දන්නේ නැහැ.(හේ)

:       0       0

සිරිපාල Friday, 08 July 2016 03:37 AM

අධිබුද්ධිමත් උගතෙක් වෙන්න ඇති (නි)

:       0       0

කමණි Friday, 08 July 2016 04:29 AM

මේ කොම්පැනියෙන් පත්තරය ගන්නේ ඒ අංකල්ට බලන්නද? ඉහළ නිලධාරින්ට බලන්නද? (නි)

:       0       0

රජිත් Thursday, 07 July 2016 07:14 PM

මම හිතන්නේ මෙහි හිමිකරුට වැරදිලා අර වගේ නූගත් නිලධාරියෙක් ගත් එක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site