පෞද්ගලික සමාගමක සේවය කරන විදේශීක මහතෙක් සහ ඔහුගේ රියදුරු රාජකාරි කටයුත්තක් සඳහා පිටත්වූහ. සාප්පු සංකීර්ණයක් අසලට පැමිණි විදේශිකයා තමා පැමිණෙන තෙක් වාහනයට වී සිටින්නැයි කියා සාප්පු සංකීර්ණයට ඇතුළු විය. වාහනයෙන් බැසගත් රියදුරු මහතාට යතුරුපැදියක් තල්ලූ කරමින් පැමිණෙන හොඳින්  හැඳ පැළඳගත් තරුණයකු දක්නට ලැබිණි. ”මොකද සයිකලේ තල්ලූ කරගෙන” රියදුරු  මහතා ඇසීය. ”බලන්නකෝ අයියේ පෙට‍්‍රල් ඉවර වුණානේ තෙල් ගහන්න  සල්ලිත් නැහැ” තරුණයා පැවසීය. රියදුරු මහතාට දුක සිතී තම මුදල් පසුම්බිය බැලූවිට තිබුණේ වියදමට ගෙනා  රුපියල් දහසේ නෝට්ටුව පමණි. නුදුරින් ඉන්ධන පිරවුම්හලක් තිබූ අතර වාහනය අගුලූ දැමූ හෙතෙම ”ෂෙඞ් එක ගාවට යමු”          යැයි කියමින් යතුරුපැදිකරු සමග ඉන්ධන පිරවුම්හල වෙත ගියේය. වාහනයකට ඉන්ධන සපයමින් සිටි පොම්පකරුට රුපියල් දහස දුන් රියදුරු මහතා, ”සයිකලේට දෙසීයක ගහන්න” යැයි පැවසීය. එවිටම රියදුරුගේ ජංගම දුරකථනයට විදේශික මහතාගෙන් ඇමතුමක් ලැබිණි. තම මුදල් පසුම්බිය වාහනය  තුළ බවත් එය රැුගෙන එන ලෙසත් ඉන් පැවසුනි. ඔහු වාහනය වෙත දිවගිය අතර යතුරුපැදිකරු පොම්පකරු  අමතා ”මල්ලී දාහ දෙන්න,  සයිකලේ තෙල් ටිකක් තියනවා” යැයි කියමින් දහසේ නෝට්ටුව ලබාගෙන යතුරුපැදිය පණගන්වා පවනට බඳු වේගයෙන් ගියේය. මොහොතකින් පැමිණි රියදුරු මහතා පොම්පකරු අමතා ”මල්ලී ඉතිරි සල්ලි ගමුදැයි” ඇසීය. එවිට පොම්පකරු මෙසේ කීය. ”සර් එක්ක සයිකලෙන් ආපු අනික් මහත්තයා පෙට‍්‍රල් එපා කියලා රුපියල් දාහත් අරගෙන සයිකලේ නැගලා යන්න ගියා?”