සත්ව කරුණාව පා දඩාවතේ යන සුනඛයකුට ආහාර දෙන්න ගොස් එම සතා විසින් සපා කැම නිසා නිවසට ආහාර ගෙන යෑම පසෙක තබා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත වන්නට ගැමියෙකුට සිදුවු පුවතක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තාවිය.

ඔහු ගමේ ලොකු කුඩා කොයිකා අතරත් ජනප්‍රිය චරිතයක් වූයේ නොමසුරු පරිත්‍යාගශීලි නිහතමානි අයෙකු නිසාවෙනි. නගරයේ ද ගමේද කොතනකදී වුවත් වෙළඳ සලක ඔහු ආහාරයක් ගැනීමට ගිය විටකදී සුනඛයෙකු හෝ වෙනත් සතෙකු අසල සිටියහොත් එම සතාට කුමන හෝ ආහාරයක් කඩෙන් අරගෙන දීමට පසුබට වන්නේ නැත. ඒ නිසා ගමේ සිටි සුනඛයන් පවා ඔහුට ලෙන්ගතුය.
සතියේ විවේක දිනයකි. ඔහු සුපුරුදු පරිදි උදේ ගමේ වෙළඳ සලට ගියේ උදේ ආහාරයට යමක් රැගෙන එන අදහසිනි. නිවසට අවශ්‍ය ආහාර වර්ග මිලදී ගෙන පෙරලා නිවස බලා යන්නට සූදානම් වන විට ඔහු දැක්කේ කඩය ඉදිරි පිට අයාලයේ යන මීට පෙර නොදුටු සුනඛයකු ඔහු දෙස බලාගෙන බිම වාඩි වී සිටින අයුරුය.
අනේ මගෙන් කන්නට යමක් ඉල්ලනවා යැයි සිතූ ඔහු කඩෙන් බනිස් ගෙඩියක් මිලට ගෙන සතා ළඟට ගොස් බනිස් ගෙඩිය උගේ කටළගට කර ‘‘ආ කන්න’’ කියා පවසා තිබේ. ඒ දෙසවත් නොබැලු සුනඛයා අහක බලා ගත් හෙයින් හා එහෙනම් මේක පස්සේ කාපන්’’ යැයි කියා කඩේ පිලට බනිස් ගෙඩිය දමා යතුරු පැදියේ නැගී යන්නට සුදානම් විය.
ඒ සමගම ඔහුට සිතුණේ මේ සතා බනිස් ගෙඩිය නොකන නිසා මෙය රැගෙන ගොස් පාරේ සිටින බල්ලෙකුට හෝ වෙනත් සතකුට දීම සුදුසු බවයි. ඒ සිතුවිල්ල මත යතුරුපැදියෙන් බැස බනිස් ගෙඩිය තිබූ තැනට ගොස් උඹ කන්නේ නැත්නම් මම මේක අරගෙන යනවා. යැයි කියා බනිස් ගෙඩිය අතට ගන්න බිමට නැමෙනවාත් සමගම එතෙක් පසෙකට වී නිසොල්මනේ සිටි බල්ලා එක්වරම බුරාගෙන පැමිණ බනිස් ගෙඩි ගන්නට සූදානම් ව පහතට දැමූ ඔහුගේ අතේ එල්ලී තිබේ.
නිවැසියන්ට උදේ ආහාරය රැගෙන යෑම පසෙක තබා කු ගින්නේ සිටි සතෙකුට අනුකම්පාවක් දක්වන්නට ගොස් සුනඛයකු සපා කෑමෙන් සිදුවු තුවාල වලට රෝහලට ගොස් ප්‍රතිකාරගැනීමට ඔහුට සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බල්ලාට පෑ අනුකම්පාව භූමිකම්පාවක් වෙලා