තම බලපුළුවන්කාරකම ගැන පම්පෝරි ගසමින් අවට නිවැසියන් බයකර ගෙන සිටි විශ‍්‍රාමික පොලිස් නිලධාරියකුට වූ අවමානයක් පිළිබඳව පසුගිය දා අසන්නට ලැබුණේ උතුරු මැද පළාතෙනි.

 තම නිවෙසේ වූ කුණු රොඩු අසල ගෙවත්තකට දැමීම නිසා වූ ආරාවුලකට ලද පැමිණිල්ලක් මත  ඔහු හමුවට ආ පොලිස් නිලධාරියකුට ද පසුගිය දා ඔහු තම පම්පෝරිය දිගහැරියේය.

කළ වැඬේ වැරදි බව ඔහු කීවත් ”ගිහින් ලොක්කට කියනවා. ඌ මාත් එක්ක එකට පොලීසියට බැඳුනේ” ගෙහිමියා කීවේ මහත් උජාරුවෙනි.

පොලිස් නිලධාරියා සමඟ පැමිණ ජීප් රථයේ සිටි ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරියාගේ ප‍්‍රමාදය නිසා රථයෙන් බැස ඒ නිවෙසට එත්ම  ඒ බව දුටු ගෙහිමියාට දෙවියන් සිහිවිය. ඒ  එම නිලධාරියා සමඟ කිසිදු  සබඳතාවක් නොවූ නිසාය. ”ඔන්න ඔයා කියපු යාළුවා”යි පොලිස් නිලධාරියා කී  විට තත්ත්වය තේරුම් ගත් නිවාස හිමියා මඳක් තුෂ්ණීම්භූත  වී සිට සමාව ඉල්ලූවාලූ.