දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ප‍්‍රාථමික විදුහලකි. පාසල අවසන් වීමට ඇත්තේ පැය බාගයකි. ගුරු මණ්ඩලයේ කීප දෙනෙක් සුපුරුදු පරිදි කල්තබා ගෙදර යාමට සූදානම් වූහ. ඒ සමගම පාසලට ආවේ නවීන පන්නයේ මෝටර් රථයකි. නොඅනුමානවම කලින් යන අය ගැන සෙවීමට අධ්‍යාපන බලධාරියකු ආවා යැයි සිතූ ඔවුහු හෙමින් යළි පන්තිකාමරවලට ගියහ. අමුත්තා කාර්යාලයට එත්ම වැඩ ආවරණය කළ ගුරුතුමිය එහි ගියාය. ‘‘කෝ පි‍්‍රන්සිපල්’’ අමුත්තා විමසීය. ”කලාප කාර්යාලයට ගියා. දැන් ඒවි වාඩිවෙන්න’’ කී ඇය කාර්යාලය පිටුපසට ගොස් තම කුඹුරේ ගොයම් කපනවා යැයි කියා ගිය විදුහල්පතිට දුරකථන ඇමතුමක් ගෙන තත්ත්වය කීවාය. මොහොතකින් විදුහල්පති යතුරු පැදියෙන් එහි ආවේ කලබලයේ කමිසයක් හා කලිසමක් ඇඳ ගෙනය. ඒත් කටේ බුලත් හපය එලෙසමය. ‘‘ඇයි සර්’’ ඔහු අමුත්තාගෙන් ඇසීය. ‘‘අපේ ආයම්මගේ දුවගෙ දුව අටේ පන්තියෙ ඉන්නෙ. ඈ එක්කයන්න ආවෙ.” අමුත්තා කී වෙන් විදුහල්පතිගේ හදගැස්ම සාමාන්‍ය මට්ටමට ආවාලූ.