(අනුරාධපුර බී.ජී. චතුරංග)
නිවසට ඇතුළු වූ සර්පයකු එළවා දැමීමට උදව් ඉල්ලූ අවස්ථාවේ එහි පැමිණි පිරිස සර්පයා එළවා දමා පිටවී ගිය පසුව රන් ආභරණ කිහිපයක් අස්ථානගතවී ඇති බව කියමින් අනුරාධපුරයේ කාන්තාවක අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

අනුරාධපුර කුලී නිවසක පදිංචිව සිටින අවිවාහක කාන්තාවක් වන ඇය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර අස්ථානගත වූ රන් ආභරණ තොගයේ වටිනාකම රුපියල් තිස්දහසකි.
රෝගීවී සිටි සිය සහෝදරයා සමග නිවසට පැමිණ දොර විවෘත කළ අවස්ථාවේ නිවස තුළ සර්පයෙකු සිටින අයුරු දැක නිවස ආසන්න මාර්ගයේ සිටි පිරිසකගෙන් උදව් ඉල්ලූ බවත් ඒ අවස්ථාවේ නිවස ආසන්නයේ මාර්ගයේ වැඩ කරමින් සිටි පිරිසක් පැමිණ සර්පයා එළවා දැමූ බවත් ඔවුන් නිවසින් පිටව ගොස් මද වේලාවකට පසුව නිවසේ තිබූ රන් ආභරණ සොයද්දී ඒවා තිබූ තැන නොතිබූ බවත් ඇය පොලිසියට කීවාය.
රුපියල් තිස් දහසක් වටිනා රන් පෙන්ඩනයක්, මුදු දෙකක් හා කරාබු යුගලක් අස්ථානගතවී ඇති බවට ඈ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නැත.
සර්පයා එළවා දැමීමට පැමිණි මාර්ගයේ සේවය කළ පිරිස සොරකම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් පොලිසියට සැක මතු වී ඇත. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සොරකම සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1044
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙට රිංගූ නයා රන් බඩුත් අරන් මාරු