කොළඹ දිගටම ඇඳිරි නීතිය පැවති සමයේ තමාගේ අභියාචනයක් මත ඔහු නිවසට ආවත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියාට නොකීවේ නිරෝධායනය කරතැයි බියෙනි. තමා පැමිණි බව කිසිවකුට නොකියන ලෙස ඔහු බිරිඳටද කීවේ මේ අරංචිය පිටට යෑම වැළැක්වීමටය.


‘‘ඒකෙන් කමක් නෑ. ගෙදර හරියෙ පොල් ගෙඩියක් නෑ’’ ඇය කීවෙන් නිවස ඉදිරිපිට වූ පොල් ගසට ඔහු අමාරුවෙන් නැග ගත්තේ එහි පොල් වලු කීපයක්ම වූ හෙයිනි.


ඔහු ගස මුදුනට නගින මොහොත්ම යතුරු පැදියක් විත් මිදුලේ නවත්වනු ඔහුට පෙනිණ. ඒ සෞඛ්‍ය පරීක්ෂක මහතාය. පොල් අතු ඉතිවලට නැගගත් ඔහු මුවා වී සිටියත් සෑහෙන වේලාවක් යනතුරු සෞඛ්‍ය පරීක්ෂක ආපසු ගියේ නැත.


පැයකට පමණ පසු ඔහු යන හඬ ඇසී පොල්ගසෙන් බැසගත් ඔහුට බිරිඳ කීවේ තමාට නොදැන් වූ නිසා නිවසේ නිරෝධායනය කිරීමට නැවත එන බවකි.


‘‘කමක් නෑ මං පොල්ගහ උඩ පැයක් විතර නිරෝධායන වුණා. කි ඔහු සිනාසෙන විට ‘‘මම ගහේ ඉන්න වග කිව්වනං එහෙමම සති දෙක නිරෝධායන වෙන්න තිබුණා.’’ බිරිඳ කීවාය.

(තිහගොඩ උපසේන ලියනගම)