කැබිතිගොල්ලෑවෙන් පිපිණු සුවඳ හමන කුසුම
මා අමතර පන්ති යවන්න වත් අනුරාධපුරයේ පන්ති යන්න බස් ගාස්තු දෙන්නවත් මගේ අම්මට වත්කමක් තිබුණේ නැහැ. රුවන් දෙහිගම, තුෂාර රාජපක්ෂ යන සර්ලා අපේ ආර්ථික අපහසුකම් දැකලා මට නොමිලේ ඉගැන්නුවා යැයි මෙවර උසස් පෙළ විභාගයෙන් ’ජෛව පද්ධති තාක්ෂණය වේදය’ විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගත් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන නිපුන් ආරියරත්න සිසුවා පැවැසීය.