(ක.ග.කරුණාරත්න)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පොලොන්නරුව බටහිර ආසනයේ නව ශ්‍රී.ල.නි.ප සංවිධායකවරයා පත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ දහම් සිරිසේන මහතාගේ පත්විම පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දහම් සිරිසේන මහතා වෙත එම තනතුරට අදාල පත්වීම් ලිපිය පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුලු පිරිසක් සහභාගී වුහ.