(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව සහ ඉරානය අනෙක් පාර්ශවයේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ආසන්නයට නැවතත් පැමිණ ඇත.

ඒ අනුව ලෝක බොරතෙල් වෙළෙඳපොළේ ඊයේ(07) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 97.27 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.09 ක් වූවේය.

පසුගියදා ඇමෙරිකාවට සම්බන්ධ නෞකා දෙකකට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රහාර එල්ල කර තිබූ අතර එයට පිළිතුරු ලෙස ඇමෙරිකාව ඉරාන ඉන්ධන නෞකා තුනකට ප්‍රහාර එල්ල කර තිබිණි. එහිදී එක් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වී තිබිණි. කෙසේ නමුත් නැවතත් දෙපාර්ශවය අතර යුද ගැටුම් ආරම්භ වීම හේතුවෙන් හොමුස් සමුද්‍ර සන්ධියේ තහනම් කලාපයක් නම් කිරීමටද ඉරානය සූදානම් වන බව පැවැසෙයි.