
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතාගේ ලිඛිත යාවත්කාලීන කිරීමේ වාර්තාව අද (07) පස්වරුවේ 63 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ සාමාන්‍ය විවාදය හෙට (08) පැවැත්වීමට නියමිතය.
මෙරට සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා සකස් කළ A/HRC/63/18 දරන එම වාර්තාව මගින් වගවීම, සංහිඳියාව සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. මානව හිමිකම් මහ කොමසාරිස්වරයා සකස් කළ වාර්තා සම්බන්ධයෙන් අද(08) පැවැත්වෙන සාමාන්‍ය විවාදයේදී ශ්‍රී ලංකාව පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතය.
එහිදී මෙරට මානව හිමිකම් හිමිකම් සම්බන්ධයෙන් වගවීම, සංහිඳියාව සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දරන මතය සම්බන්ධයෙන් දැන ගැනීමටද හැකියාවක් ලැබෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ඉදිරිපත් කරන ලිඛිත යාවත්කාලීන වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.
එසේම රජය බලයට පත්ව ගත වූ වසර දෙක තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමු කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට, උතුරේ හමුදා පාලනය යටතේ පවතින ඉඩම් නිදහස් කිරීමට සහ දේශීය වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජය දක්වන කැපවීම පිළිබඳව එහිදී ශ්‍රී ලංකා පාර්ශ්වය කරුණු දැක්වීමට නියමිතව ඇත.
මෑතකදී ඇති වූ බන්ධනාගාර නොසන්සුන්තාව පිළිබඳවද රජය මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී කරුණු දැක්වීමට නියමිත අතර, බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd