(නිමල් ජයරත්න)

මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මඩකලපුව මංගලාරාමාධිපති  අම්පිටියේ සුමනරතන නාහිමියන් ලබන  08 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඩී.අන්නතුරෙයි මහතා නියෝග කළේය.

සුමනරතන නාහිමියන්  ඉදිකළ වැවක් සදහා අනුමැතිය ලබාගෙන නොමැති බව පවසා නැගෙනහිර භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ නිත්‍යනාදන් රමේශ් මහතා   මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

අම්පිටියේ සුමනතන නාහිමියන් පසුගිය 31 වෙනිදා නැගෙනහිර පළාත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශ වෙත පැමිණ රාජකාරියට බාධා කර තමා හට බැණ තර්ජනය කර බවට පවසමින් එහි අධ්‍යක්ෂවරයා මඩකලපුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

එම පැමිණිල්ලට නාහිමියන් මඩකලපුව පොලිසියට භාර වූ අවස්ථාවේදී මඩකලපුව පොලිසිය මගින් අම්පිටියේ සුමනරතන නාහිමියන්  අත්අඩංගුවට ගත්තේය.