(ඉන්දිකා රාමනායක)
කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකු පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදාපතිවරයා වෙත නිර්දේශ කර ඇති බව එම කොමිසම පවසයි.
මෙම සිද්ධියේ තවත් හමුදා සාමාජිකයකු මෙම පුද්ගලයාට පහර දෙන අයුරු ද නිරීක්ෂණ වන බවත් ඔහු ද හදුනාගෙන ඔහුට විරුද්ධව ද ක්‍රියා කරන ලෙසට කොමිසම දැනුම් දී ඇත.
මෙකී නිර්දේශ සැත්තැම්බර් මස 16 දිනට පෙර ක්‍රියාක්මක කර දැනුම් දෙන ලෙසට කොමිසම් සභාව සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය විසින් දැනුම් දී ඇත.
මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ජාතික ආරක්ෂක බලමුළුවේ වාරියපොළ කඳවුරේ අනදෙන නිලධාරි ලෙස කටයුතු කළ ප්‍රති විරාජ් කුමාරසිංහ නැමැති ලුතිනන් කර්නල් වරයාටය.
මෙම සිද්ධියේදී පහර කෑමට ලක්ව ඇත්තේ ප්‍රදීප් අත්තනායක නමැති පුද්ගලයෙකි. දඹුල්ල යක්කපිහිටිය ඉන්ධන පිරවුම් හලේ දී ඉකුත් ජුලි මස 03 දින යුද හමුදා නිලධාරියකු සාමාන්‍ය වැසියෙක් වෙත පා පහරක් එල්ල කරන අන්දම විද්‍යුත් හා සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරවු ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මාවන හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
මෙම ඉන්ධන පිරවුම් හලට තෙල් ලැබීමෙන් පසු තෙල් බෙදා හැරීමේ කටයුතු සිදුකර ඇති අතර, පිරිස පාලනය කිරීම හා නිසි අයුරින් තෙල් බෙදා හැරීම සිදුවේ ද යන්න සොයා බැලීම සදහා යුද හමුදාවේ සහ පොලිස් නිලධාරීන් කැදවා තිබෙනු එම ප්‍රවෘත්ති වල වාර්තා කර තිබු බවත්, එම අවස්ථාවේ දී හමුදා නිලධාරීන් දෙදෙනකු සාමාන්‍ය වැසියකු අල්ලාගෙන යුද හමුදා ලුතිනන් කර්නල්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බවට එම ප්‍රවෘත්ති වල පල වු බවද මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ඉන්න තැනකුත් කියන්නකෝ... මම නියමෙටම නීතිය ක්‍රියාත්මක කරන්නම්...!
ඒ අමන මිලිටරි කාරයා හමුදාවෙන් පහකළ යුතුයි. ඊට අමතරව ඒ පාපතරයා ගැන ස්වභාව ධර්මයා විසින් නිසි දඬුවම ලබා දේවි යයි අප ප්‍රාර්ථනා කරනවා! ඔයිට වඩා කෙලි කාරයින්ගේ කකුල් වලට අත් උන ඉරණම අපි මීට කලින් දැක තියනවා.
ලබන ආත්මෙදී බූරුවෙක් වෙනවා සහතිකයි.
පය ඉවත්කරන්න නිර්දේශ කරන්න. ඒ තරමට තුච්ච නිහීන ක්‍රියාවක් ඒක. දෑත් දෙකකට හිර කරපු මිනිහෙකුට උස්සන පය මේලෝකෙට වැඩක් නැහැ.
එයාව ජතික පපන්දු කන්ඩායමට බදවගන්න. දඩුවම් පහර එල්ල කරන්න නියමයි.
හොඳ වැඩේ....
වහාම සේවයෙන් නෙරපා හරින්න...
හමුදාවේ ඉවසීම, ගරුකරන්න උගන්නන්නේ නැතුව ඇති. ඉහළ නිලධාරියෙක් මෙහෙම හැසිරෙනවා නම් අනිත් අය කොහොමට හිටීද? මොහොතක් ඉවසීම නැතිකම නිසා දැන් කොච්චර කරදරද?
එම තරුණයාගෙන් සමාව අයදීම ලිඛිත ව ලියා උසස් නිලධාරි ඉදිරිපිට. තව ද මුදල් වශයෙන් වන්දියක් ලබා දීම මානුශික වශයෙනි.