(උපුල් හේරත්)

වකුගඩු රෝගයෙන් පෙළෙන අනුරාධපුර පරසන්ගස්වැව හිටපු යුද හමුදා සෙබළකු තම සිරුරේ දැඩි උණුසුම මකා ගැනීමට දවස පුරා වතුර බැරලයකට බස සිටින පුද්ගලයකු අපට හමු විය. 

දරාගත නොහැකි දැඩි උණුසුම නිසා මෙසේ දවසේ වැඩි වෙලාවක් වතුර බැරලයක් තුළ බැස සිටින බව කේ.ආර්.රංජිත් කූමාර මහතා අප සමග පැවැසීය.

යුද හමුදාවේ සේවය කළ රංජිත් දරුවන් තිදෙනකුගේ පියෙකි. 2014 අවුරුද්දේ  වකුගඩු රෝගය වැළඳුණු ඔහු 2015 අවුරුද්දේ ඉඳලා මේ දක්වාම ලේ මාරු කරන බව  අප හා පැවැසීය.

දිනකට ජලය පානය කිරීමට අවසර තිබෙන්නේ ලීටර් භාගයක් බවත් උදේට, දවල්ට, රෑට, බොන්න තිබෙන බෙහෙත් ටික බී ගන්නත් ඒ වතුර ටික මදි බව ඒ මහතා කියා සිටියේය.

සිරුරට දනෙන රස්නය  මට දරා ගන්න බැරි කම නිසාම තමා මෙසේ දවසේ වැඩි වේලාවක් වතුර පිරුණු බැරල් ඒකට බැස සිටින බවත් රාත්‍රී කාලයේ නින්ද යන්නෙත් නැහැ. දැඩි උණුසුම දරා ගන්න බැරි කම නිසයි  වතුරට බැහැලා ඉන්නවා යැයි කීය.