(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇති වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
මූලික එකඟතාවය ඇති කර ගැනීම සම්බන්ධයෙන් නිල නිවේදනය හෙට (01) සිදු කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3 ක ණය මුදලක් අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.
මේ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් විමසීමක් කර ඇතත් ඒ පිළිබඳ ප්‍රතිචාරයක් නොලැබුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් ලබා දීම සඳහා කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීමට මූලික එකඟතාවයක් ඇති කර ගත් පසු එය විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කරන අතර විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන් පසු එම රටට ලබා දෙන ණය මුදල නිදහස් කිරීම ආරම්භ කරයි.
මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී තවමත් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා අවසන් නොමැති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය එක් දිනකින් දීර්ඝ කළ බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්වරුන් ප්‍රකාශ කර තිබේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අයි.එම්.එෆ්. සාකච්ඡා එකඟතාවකට