
(සුසින් ප්‍රියන්ත,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දීපාල් ද සිල්වා)
බළපිටිය රෝහල අසල දී සිදු කළ වෙඩි තැබීමකින් යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ගලගොඩ පදිංචි මදුර කසුන් ගුණතිලක නැමැති දෙදරු පියකු බවද පොලිසිය කියයි.
සති පහක් ඇතුලත අම්බලන්ගොඩ සිදුවූ පස් වැනි වෙඩි තැබීම මෙය බවත් මේ වනවිට එම වෙඩි තැබීම පහෙන් හයදෙනෙක් ජිවිතක්ෂයට පත්වී ඇති බවත් පොලිසිය කියයි.
පසුගිය දිනවල අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම්වලට පළිගැනීමක් ලෙස ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් විසින් සිදුකරන්නට ඇති බවට සැක කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
(ඡායා සුසිල් ප්‍රියන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කන්ට විරුද්ද සාක්ශි නැතිකිරීමක් වෙන්නත් පුලුවන්
පලිගැනීීමකට වෙඩි තියනව, පාතාල කල්ලි වෙඩි තියාගන්න්නව වගේ සරල උත්තරයක් දීල ෂේප් වෙනව. පාතාල කල්ලි මත්ද්‍රව්‍ය මැඩලීමේ වගකීම අයිති සාමාන්‍ය ජනතාවටද කියල පොලීසියට මතක් කල යුතුයි. මේ වෙඩිල්ලක් දරුවෙකුට ගැහැනියකට, සාමාන්‍ය අයෙකුට වැදුනම ඔය කතාව වලංගුද? මන්දිරවල සෙල්පි ගහපු අය කුදලාගෙන යන්නකෝ ඔක්කොම හරියයි. පඩි නැති දාට අරගලයට බනින්න.
තාම එක්කෙනක්වත් අතඩංගුවට ගන්ඩ බැරි උනා නෙ? ......... ......
මේ ගොල්ලන් ආදරයේ වෙඩික්කරුවන්... දැන් පොලිසියේ ඉලක්කය මේ ගොල්ලන් නොවේ.. අරගලකරුවන්..