IMG-LOGO

මරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි

 

(අංජුල මහික වීරරත්න)

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ.

මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතරදෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ ගනු ලැබු තීරණයක් බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්  කිහිපයක්  කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව සඳහන් කළේය.

විජිත් මළල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

නීතිපතිවරයා මේ පිළිබඳ ඊයේ (30) කරුණු විමසූ අවස්ථාවේදී, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා තමන් සිය අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත. 

ඒ අනුව අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී  විභාගයට ගන්නා අවස්ථාවේ මේ පිළිබඳ අධිකරණයට දන්වා සිටින ලෙසද ජනාධිපතිවරයා පවසා තිබේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්   සඳහන් කර ඇත්තේ  මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට  රජය විසින්  ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ය.

එම තීරණයෙහි කිසිදු  වෙනසක් නැති බව ඒ මහතා සඳහන් කර ඇත.



අදහස් (4)

මරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි

AB Wednesday, 31 August 2022 05:24 PM

මරණ දණ්ඩනය කිසිසේත්ම අවශ්‍ය නැත. පාසල් අද්‍යාපනය තුල මුලික නීති අද්‍යාපනය ලබාදීමට කට යුතු කල හොත් සමාජයේ සිදුවන බොහෝ ගැටළු අඩු වනු ඇත

:       0       0

BADUR Thursday, 01 September 2022 03:21 AM

Foolish president in Sri Lanka millions of RS if someone offer he will singe to hang.

:       0       0

Perera Thursday, 01 September 2022 04:27 AM

මිනීමරුවන්ට හොදින් සලකල අරගල කරුවන්ව ත්‍රස්තවාඩින් ලෙස කාලසීමා රහිතව රදවාගෙන දස වද දෙන රටක් ලංකාව.

:       0       0

sirisena Thursday, 01 September 2022 10:35 AM

එක දණ්ඩනයකට අත්සන් නොකෙරුවට මුළු රටම දණ්ඩනයකට අහුවෙලා තියෙන බව නම් පේනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site