ගුවන්තොටේදී අපරාධකරුට පැනයන්න අනුබල දුන් හිමිවරු දෙදෙනාත් රියැදුරාත් රිමාන්ඩ්
මනුස්ස ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසියේ රඳවා සිටියදී එම සැකකරුට පලායාමට ආධාර අනුබලදීම, ඒ සම්බන්ධව කුමන්ත්ර ණය කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු හිමිවරුන් දෙදෙනකු සහ මෝටර් රථයේ රියදුරුව ලබන 10 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මීගමුව මහේස්ත්රාිත් (අංක 01 ) චම්පික රාජපක්ෂ මහතා අද (28) පස්වරුවේ දී නියම කළේය.