(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ජාතික ක්‍රීඩා සංගම්වලට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය ඊයේ (27) නිකුත් කළ අතුරු නියෝගයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යංශය එසේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ හොත් ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට බලපෑමක් වීමට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්දැමීමට සිදුවුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැඩි අවධානය යොමු කිරීමට ඉඩ තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එළඹෙන නිලවරණයට නාමයෝජනා භාරගැනීම අද (28) පස්වරු 3.30 ට අවසන් වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රීඩා අමාත්‍යංශයට යනවද එතකොට?